Post Views: 154 ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවා ඇති බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව,කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 4765කි.කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308 කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1910 ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140 කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890කි. මේ අතර ලිට්‍රෝ මිල වැඩිවීමත් සමගම ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.ඒ අනුව,කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700 ක් වේ.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280 කි. Post navigation පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම අවසන්. වෛද්‍යවරු කොටසක් අයදුම් කර නැහැ. අධිවේගී මාර්ග වාහනවල ආසන පටි සවිකර ගැනීමට තවත් කල්දෙයි