Post Views: 155 රුපියල් කෝටි 25 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබුණි. රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 පුද්ගලයෙකු වන සැකකරු රැගෙන පැමිණි ගමන් මලු 04 ක තිබූ සයිලන්සර් 16 ක් තුළ සූක්ෂම ලෙස මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබුණි. එම සයිලන්සර් තුළ තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ග්‍රෑම් 500 ක් සොයා ගැනීමට රේගුව සමත් වී ඇත. සැකකරු එම මත්ද්‍රව්‍ය තොගයත් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වන “රතු මාවත” ඔස්සේ යාමට තැත් කළ අවස්තාවේ දී ඔහු රේගු භාරයට පත්ව තිබුණි. Post navigation කොළඹට ජලය සපයන ජලාශ හිඳිලා ජල සැපයුම කප්පාදු කරන්නේ මෙහෙමයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩ ආවරණයට ප්‍රසාද් හේමන්ත කුමාර පත් කෙරේ.