Post Views: 173 මේ වන විට සමස්ත දිවයිනටම බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ජලය සපයන ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. මේ තත්වය මත පවතින ජලය නිසි ලෙස කළමණාකරන කර ගනිමින් ජනතාවගේ අත්‍යාවශ්‍ය පානීය ජල අවශ්‍යතා සපුරාලීම සදහා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සැලසුමකට අනුව ජල කප්පාදුවක් සිදුකෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි. ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මක වන අතර හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. අනතුරුව, පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදා (5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුව සිදු කිරීම කෙරෙනු ඇති. මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙන බවත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු කරන බවත් මණ්ඩලය සදහන් කරයි. Post navigation කොළඹ ප්‍රදේශ කිහිපයකට අද සිට ජල කප්පාදුවක්. සයිලන්සර්වල ගෙනා කෝටී ගානක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුවෙන් අල්ලයි.