කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබේ.
වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව අප කළ විමසීමකදී වරාය හා නාවික අමාත්‍යාංශය තහවුරු කළේ ය.
වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.
මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද අද බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.
මේ අනුව, කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කිල්ස් සමාගමටත් , සියයට 15 ක් වරාය අධිකාරියටත් හිමිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *