Post Views: 126 නැගෙනහිර පළාතේ කෘෂි කර්මාන්තයේ නිරත කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය පුළුල් කිරීමේ අරමුණු ඇතිව ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. ECCD සත්කාර සමුපකාර ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ, මහඔය සහ පදියතලාව නගර වලදී ඉකුත් නොවැම්බර් 13 සහ 14 දෙදින තුල ආරම්භ කිරීම මගින් ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පුරාවට පැවති ළමා සුරැකුම් ගැටළුවලට විසදුම් ලබා දෙනු ඇත. මේ සඳහා දායකත්වය සපයනු ලැබූයේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) හා වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානය (CWW) සමඟ අධ්‍යාපනඥයින්ගේ සත්කාර සමුපකාර සංගමය (ECCD) විසිනි. “මෙම මධ්‍යස්ථාන මගින් ග්‍රාමීය දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කරනවා, ඔවුන්ට අවශ්‍ය ළමාරක්ෂක සේවා සැපයීම මගින් කාන්තාවන්ට වැඩි වැඩ කොටසක් කිරීමට ඉඩ ලැබෙනවා.” යනුවෙන්, වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ සභාපතිනිය හා ජාතික කම්කරු කොංග්‍රසයේ [NWC] ප්‍රධාන ලේකම් අමාලි කළුපහන මිය මෙහිදී සඳහන් කළාය. ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙන්ම වැඩකරන කාන්තාවන් සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ. මෙම වැඩසටහන යටතේ ඉදිරි කාලයේදී දෙහිඅත්තකණ්ඩිය හා මඩකළපුව නගරයේ තවත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී ප්‍රකාශ විය. එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news🛑වෙබ්/web https://www.smn24.lk/🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/🛑ඉන්ස්ටග්‍රෑම්/instagram https://www.instagram.com/smn24lk/🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුව එළි දක්වයි. කැබිනට් අනුමැතියෙන් රූපවාහිනී නාලිකා වලට ළගදීම වෙන්න යන දේ.