Post Views: 206 2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත්කරන ලදී. ඒ අනුව, සැකකාර දේශබන්දු තෙන්නකෝන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා ය.තවත් නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය පැවසුවේ, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බව ය. මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා යළි කැඳවීමටද නියම කෙරිණි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ, අගෝස්තු 21 වන දා ය. Post navigation රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තඹේකට මායිම් නොකර දරුවන්ගේ අනාගතය විනාශ කරන විදුහල්පතිනියන්. නීති විරෝධී ගස් කැපීමට බලපත්‍ර නොදුන් ග්‍රාම නිළධාරීනිය සැලසුම්ගතව අල්ලස් චෝදනාවකට හසුකල හැටි.