No names collective සංවිධානය විසින් සංවිධානය කළ “සංගීතයයි සංවාදයයි” තවත් ප්‍රසාංගික රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ දී පසුගිය දා (19) පැවැත්වුණි. මෙදින වැඩසටහනට රංගනයෙන් ප්‍රියන්ත සිරිකුමාර ද ගායනයෙන් රොඩ්නි වර්ණකුල සහ සංජීව සෙනෙවිරත්ත ද සංගීතයෙන් no names collective සංගීත කණ්ඩායම ද මෙම ප්‍රසංගය වර්ණවත් කරමින් දායක විය.

වැඩසටහන ආරම්භ කරමින් No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මග විවර කළ අතර ඉන් අනතුරුව ප්‍රවීන රංගන ශිල්පී රොඩ්නි වර්ණකුළ සංගීත සන්ධ්‍යාව සුන්දරම මානයකට රැගෙන යන ලදී.

නොමිලේ පැවති මෙම ප්‍රසාංගික වැඩසටහන නරඹිමට ජනප්‍රිය කලාකරුවන් රැසක් සහ මාධ්‍යවේදීන් ඇතුළු රසකාමී මිනිසුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටියා.

සමාජ සංස්කෘතික දේශපාලන මාතෘකා ඔස්සේ කලා අංග ඉදිරිපත් වුණු අතර ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනතාව ඉතාමත් ප්‍රමෝදයට පත් වු බව සංවාදයේ දී සඳහන් කලා. ඉදිරියේදී මෙම ප්‍රාසාංගික අත්දකීම රටේ විවිධ පළාත්වලට රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් ඒ යටතේ එළඹෙන පෙබරවාරි 15 වෙනිදා ගාල්ල මහවිදියේදීත් මෙම ප්‍රසංගය පවත්වන බව සංවිධායකයින් සදහන් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *