දේශීය පොල් කර්මාන්තය දියුණුකර පොල් වගාව ලංකාවේ ප්‍රධාන අපනයනය භෝගය බවට ඉදිරි වසර දෙක තුළ දී පත්කිරීමටත් ඒ සදහා මධ්‍යය කාලීන සහ දිගු කාලීන වශයෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණය කිහිපයක් ගැනීමත් අරමුණු කරගනිමින් පොල් පර්යේෂණ ආයතනය මගින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (24) සෙත්සිරිපායේ දී පවත්වන ලදී.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍යය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොල් පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරැම, අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ, වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, වැවිලි ‍රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාරත්න ඇතුළු මහත්ම මහත්මියන් සමග තවත් නිළධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

එහිදී සියලුම දෙනාගේ පූර්ණ එකගතාවයෙන් පොල් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශේෂ තීරණය කිහිපයක් ගනු ලැබු අතර.
ඒ යටතේ,

  1. ජාතික පොල් සංවර්ධන ප්‍රතිපත්තියක් සකස් කිරීම
  2. දෙමුහුම් (Hybrid)පොල් බීජ නිශ්පාදනය වේගවත් කිරීම සහ ඉදිරි වසර කීපය තුළ නිවසට අවශ්‍ය පොල් තම ගෙවත්තෙන්ම ලබාගත හැකිවන පරිදි ඉඩකඩ සහිත සෑම නිවසකටම Hybrid පොල් පැළ දෙක බැගින් ලබාදීම.
  3. පටක රෝපණය (Tissue Culture) මගින් පොල් පැල නිශ්පාදනය නියමු ව්‍යපෘතියක් ලෙස ඉහල ධාරිතාවකින් ආරම්භ කිරීම.
  4. අත් පරාගන සහ පොල් අස්වැනු නෙළීම ගස් නැගීමෙන් තොරව සිදු කළ හැකි විශේෂ උපකරණයක් හදුන්වා දීම.
  5. ගෘහස්ථ මට්ටමින් පොල් වල සිදුවන 30% ක පමණ අපතේ යෑම වැලැක්වීමට නව ක්‍රමවේද හදුන්වා දීම.
  6. කලු කුරුමිණි සහ රතු කුරුමිණි හානිය ඇතුලු අනිකුත් සත්ව හානි අවම කරගැනීම සදහා සියලුම පාර්ශවයන් එක් කරගත් ජාතික මට්ටමේ වැඩසටහනකට යොමුවීම.
  7. වැලිගම පොල් කොල මැලවීමේ රෝගය ඉතාම කෙටි කාලයකින් මර්ධනය කර අවසන් කිරීම.
  8. දැනට තිබෙන පොල් වගාවෙන් ලැබෙන පොල් අස්වැන්න දෙගුණයක් කරගත හැකි ආකාරයේ නව පර්යේෂණ ක්‍රමවේද සෑම වගාකරුවෙක් වෙතම කඩිනමින් ලබාදීම සහ පරිසර හිතකාමී කාබනික වගාවට සියලුම වගාකරුවන් යොමුකිරීම.
  9. Ceylon Coconut සන්නාමය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඔසවා තැබීම සදහා විදිමත් ප්‍රචාරක වැඩසටහනක් දියත් කිරීම.
    යන කරුණු මූලික කොටගෙන පොල් කර්මාන්තයේ දියුණුව උදෙසා වූ කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළහ.

මෙම වැඩපිලිවෙල යටතේ ගත් තීන්දු තීරණ සියල්ල දේශීය ආර්ථිකය නව මාවතකට යොමුකිරීමටත් ශ්‍රී ලාංකේය පොල් වංශ කථාවේ නවමු පරිච්ඡේදයක් ලිවීමටත් හැකිවන බව පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරැම මහතා පවසන ලදී.

One thought on “එලොව පොල් පෙනෙන පොල්මිල අඩුකිරීම සදහා ගත් පියවර.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *