ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරනු ලැබූ කාඩ්බෝඩ් මිනී පෙට්ට් 1200 ක් අඩංගු අඩි 40 ක් දිග කන්ටේනර් දෙකක් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී වියට්නාමය වෙත නැවිගත කිරීම සඳහා ඊයේ (23) වරාය වෙත පිටත්කර හරිනු ලැබූ බව එම වැඩ සටහනේ නිර්මාතෘ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරීක මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය .

“2019 වසර සිට මාගේ පෞද්ගලික යෝජනාවක් අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව හරහා පරිසර හිතකාමි කාඩිබෝඩ් මෘත ශරීරයන් බහාලුම්කරණය හදුන්වා දෙනු ලැබූවා. එය අදවන විට මෙම කොරෝනා වසංගත තත්වයත් සමග බැදී පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස සේවා ලාභීන්ට විශාල ලාභයක්ද , පළාත් පාලන ආයතන වලටද වාසිදායක තත්ත්වයක් ඇති කරමින් තිබෙනවා .

ඒ අතර ජනමාධ්‍ය තුලින් මෙරට පමණක් නොව විදේශ රටවලද පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසට අවධානය යොමුවී අද වන විට මෙරට වියට්නාම තානාපති කාර්යාලය හරහා එරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේද. අනුශාසනා පරිදි මෙරට වැඩ සිටින වියට්නාම භික්ෂූනීන් වහන්සේලාගේද සම්බන්ධීකරණයෙන් කාඩිබෝඩ් මිනී පෙට්ටි 1200 ක් එකවර නැවිගත කිරීමටද හැකි වුණා.

වියට්නාමයෙන් පසු තවත් රටවල් කීපයක් දැනටමත් මේ සඳහා ඇනවුම් ලබා දීමත් නිසා තවත් වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමටද හැකි වනවා. ඒ අතර මෙරට පළාත් පාලන ආයතන ගණනාවක් දැනටමත් මෙම ව්‍යාපෘතිය සඳහා යොමුවී ඇනවුම් ඉදිරිපත් කර දැනටත් දිවයිනේ ප්‍රදේශ කීපයකටම කාඩ්බෝඩ් මිනී පෙට්ට් සැපයීම සිදු කර තිබෙනවා .

මේ අනුව දැනට සරසන ලද පෙටිටි හා සැරසිලි නොකල පෙටිටි වශයෙන් කොටස් දෙකක් යටතේ නිෂ්පාදනය කරනු ලබනවා. මේ තුලින් පෙට්ටිය පමණක් රුපියල් 5000/= කටත් පෙටිටිය හා අවමංගල්‍ය කටයුතු සුසානය දක්වා රැගෙන ගොස් ඉටු කිරීමට රුපියල් 10,000/= ක මුදලකටත් දැනට අප නගර සභා බල ප්‍රදේශයට හදුන්වා දී තිබෙනවා .

මෙම ව්‍යාපෘතිය නිසා මෙරට කැලෑ කෑපීම නතරවන අතර , ජනතාවට මෙන්ම පළාත් පාලන ආයතන වලට දැරීමට සිදුවන වැය අඩුවී ලාභදායි තත්වයක්ද ඇති වනවා.” නාගරීක මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

(වාර්ථාව – දෙහිවල එච් එම් ධර්මපාල)

One thought on “වියට්නාමයෙන් මිලදීගත් ලංකාවේ නිපැයු මිනී පෙට්ටිය.”
  1. දැන් ඉතිං මිනී පෙට්ටියක් වත් විකුනල ඩොලර් හොයමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *