Post Views: 421 යුගදනවි බලාගාර ගිවිසුම පිළිබඳ ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී ඉතා හොඳ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.මෙහි දී කිසිදු විකිණීමක් සිදු නොවන බවත් සමාගමේ කොටස් 40% ක් අවුරුදු 15 ක් සඳහා ලබා දීමට යෝජනා වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.එහි දී කිසිදු පක්ෂ නායකයකු එරෙහි නොවූ බවත් කරුණු පැහැදිලි කළ පසු එය රටට ඉතා ම හිතකර ආයෝජනයක් බව ඔවුන් අවබෝධ කරගත් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.මෙහි දී හම්බන්තොට වරාය මෙන් 99 අවුරුද්දක් සඳහා බදු නොදුන් බවත් එය රටට ඉතා හිතකර ආයෝජනයක් බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. මම මේකට අකමැතියි – ඇමති දයාසිරි ජයසේකර මේ අතර, යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම පිළිබඳ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට අදහස් දක්වමින්, මෙම ගිවිසුම අත්සන් කළ පසු ඇමරිකාව ගෑස් ලබා දීම නතර කළහොත් ලංකාවට විදුලිය නොමැති වන බව අනතුරු ඇගවීය.එහෙයින් එම විනාශයට අත එසවීමට තමන් සූදානම් නොමැති බවත් ලංකාවේ විදුලිබල ඒකාධිකාරය එක රටකට ගිය පසු ශ්‍රී ලංකාව නේපාලයේ තත්ත්වයට ඇද වැටෙන බවත් ජයසේකර මහතා පැවසුවේය. අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගමේ නිවේදනය. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම පසුගියදා (21) නිවේදනය කළේය. ඒ සමගම නව එල් එන් ජී පර්යන්තයක් ඉදිකිරීමේ අයිතිය ද එම සමාගමට හිමිවන බවත් එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමට නියමිත බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමට ද එම ගිවිසුම අනුව තමන්ට හැකියාව ලැබෙන බව නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම පැවසීය. කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ විදුලි බල නිපැයුම් හැකියාව මෙගාවොට් 310කි. ගිවිසුම අත්සන් කලා – ඇමති ලොකුගේ කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවත් එම ගිවිසුම වසර 15 ක් සඳහා බලපැවැත්වෙන බවත්ය.එමෙන්ම, “අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40% ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15 කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ,” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය. අපි දරණ මතයත් තවත් අය දරණ මතයත් අතර වෙනස්කම් තියනවා – අමාත්‍ය විමල් වීරවංශ මහතා කෙරවලපිටිය බලාගාරයේ කොටස් සහ LNG සැපයුම ඇමරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශෙෂ සැලකිල්ලක් දක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. “විවාදයට භාජනය වෙලා තියෙන LNG සැපයුම පිළිබඳ ප්‍රශ්නය, බලාගාරය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කළා. අපි අපේ අදහස ඉදිරිපත් කළා. මුදල් ඇමතිතුමා එතුමාගෙ පැත්තෙන් කරුණු පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා පැමිණි පසුවත් නැවත මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද අපි දරණ මතයත් තවත් අය දරණ මතයත් අතර වෙනස්කම් තියෙන නිසා. අපි පක්ෂ නායකයින් 10ක් හෝ 11ක් පමණ අත්සන් කරලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් බාරදීමට නියමිතව තිබෙනවා. එමගින් අපි එතුමාගෙන් ඉල්ලා හිටින්නෙ පැමිණි වහාම අපට මේ ගැන සාකච්ඡා කරලා අපේ අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාගැනීම” යනුවෙන්ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. Post navigation ජනපතිගේ අලියා නැවත භාරදුන්නා දැන් ඉන්නේ පන්සලක. වියට්නාමයෙන් මිලදීගත් ලංකාවේ නිපැයු මිනී පෙට්ටිය.
ඒ ගොල්ලො ඉන්නකොට කොටසක් විකුණනවා මේ ගොල්ලො ඉන්නකොට කොටසක් විකුණනවා මාරුවෙන් මාරුවට රට වෙන්දේසි කරනවා… ජය වේවා … එන්න අපි තව කඩේ යමු…. Reply