අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහල ගොස් ඇත.

අද දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 325.52 ක් ලෙසත් දැක්වෙයි.

මේ අතර, අද (09) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වුයේ රුපියල් 145,000 ක් ලෙසටය. එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 134,000 ක් ලෙසයි.

මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000 ක් ලෙස සටහන්ව තිබුණි.

මෙම වසරේ මේ දක්වා රන් මිලේ ඉහළම අගය වූයේ කැරට් 24 ක රන් පවුමක් 193,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 178,500 ක් ලෙසත්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *