Post Views: 240 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉලලා සිටී. ඒ පිළිබඳ දැනුම්දීම සඳහා 070 350 0525 යන වට්ස්ඇප් දුරකථන අංකය ද ලබා දී ඇත. විශේෂයෙන් පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ. සෑම මසකම අවසාන සතියේදී කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. මෙහිදී අසමත් වන වාහන දින 14 ක කාලයක් තුළ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමුකර අදාළ පරීක්ෂාවන් සිදුකර නොගන්නේ නම් එම අදායම් බලපත්‍ර ආසදු ලේඛන ගත කරන බව ඔහු සඳහන් කළේය. මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අයි.ජී. දසුන් ජනක මහතා, “පසුගිය වසර කිහිපය තුළ සිදුකළ නිරීක්ෂණවලින් දුම් පිටකරන වාහන ප්‍රමාණය වැඩි වී තිබෙන බව” සඳහන් කළේය. දුම් පරීක්ෂණයෙන් අසමත් වන වාහන සඳහා පළමු නියෝගය අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ නැත්නම් සිහිකැඳවීමක් කරන බවත් එයටත් අනුගත නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයට අදායම් බලපත්‍රය ගත නොහැකි වන අයුරින් අසාදු ලේඛන ගත කරන බව ඔහු කියා සිටියේය. Post navigation ආනයනික අර්තාපල් වල බද්ද ඉහල නංවයි. රුපියල ගුවනට යනවිටදී රන් මිල පහළට එයි.