කාන්තා, ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දින සැමරුම බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවැත්වුනි.

රට ආර්ථික වශයෙන් අගාධයකට පත්කිරීමට දායකවූ පිරිස බවට සමාජයේ සදහන් වන සියල්ලන් පිරිමින් වන බවත් ඒ කිසිදු නාමයක් අතර එකදු කාන්තාවක් හෝ නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන අතර ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බවත් සදහන් කල ජනපතිවරයා, ශ්‍රී ලංකාව අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඉන් ගොඩ ඒමට සහාය දුන් පිරිස අතර ලොව කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් සදහන් කලේය.

“2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුනු අතර ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුලා ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීන් විශේෂ සම්මාන ලැබූහ.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් සහ විදෙස් රාජ්‍යත්‍රාන්තිකයන් සහභාගී විය.

உலகில் முன்னேறிய நாடுகளைப் போன்று பெண்களின் உரிமைகளை வென்றெடுக்க நடவடிக்கை எடுக்கப்படும். – ஜனாதிபதி கூறுகிறார்

ஆசிய பிராந்தியத்தில் உள்ள ஏனைய நாடுகளுடன் ஒப்பிடுகையில் இலங்கையில் பெண்கள் முன்னிலையில் இருப்பதாகவும், அந்த நிலைமையை மேலும் விரிவுபடுத்தி, உலகில் முன்னேறிய நாடுகளைப் போன்று பெண்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு நடவடிக்கை எடுக்கப்படும் எனவும் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் தெரிவித்தார்.

கொழும்பில் இடம்பெற்ற மகளிர் தின கொண்டாட்டத்தில் கலந்து கொண்ட போதே ஜனாதிபதி இதனைத் தெரிவித்துள்ளார்.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *