ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා සේ විදුලි බිල වැඩිවීමෙන් පීඩාවට පත් ජනතාවට විදුලි බල මංඩලය තවත් පහරක් ගසමින් පවතී. සාමාන්‍යයෙන් මාසික විදුලි පරිභෝජනය ගණනය කරනුයේ මාසයේ පළමු දින සිට අවසන් දින දක්වා වුවත් මෙවර එය වෙනස් කරමින් බොහෝ විදුලි පාරීභෝගිකයන්ට බිල්පත් නිකුත් කර ඇත්තේ දින 40 කට පසුවය.

මෙහිදී අරපරිස්සමින් විදුලිය පරිභෝජනය කරමින් අඩු ඒකක ගණනක සීමාවේ තම විදුලිබිල පවත්වාගෙන යන පාරිභෝගිකයන්ට සිදුවන්නේ බරපතල අසාධාරණයක් බව ඔවුන් පෙන්වා දෙයි. ඔවුන් සදහන් කරන ආකාරයට වෙනදා තම දින 30 ක මාසික පරිභෝජනය ඒකක 60 ට හෝ 90 ට අඩුවෙන් තිබියදී ලද මාසික බිල දින 40 කට පසුව ලබාදීමේදී ඒකක ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් තමන්ගේ විදුලි බිල ඉතා බරපතල ලෙස ඉහල ගොස් ඇති බවත් එය ඉතා අසාධාරණ බවත්ය.

බොහෝ විදුලි පාරිභෝගිකයන් මේ සම්බන්ධව මනු කියවන්නගෙන් විමසා සිටියද ඒ සදහා දීමට පිළිතුරක් ඔවුන් සතුවද නොමැති බවත් දින 40 ක කාලසීමාවකට මාසික බිල ගණනය කිරීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බව සදහන් කල බවත් විදුලි පාරිභෝගිකයන් පැවසීය.

මේ සම්බන්ධව අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබී ඇත්තේ මංඩලයේ සේවකයින් සදහා එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් බෝනස් ලබාදීමට අමතර මුදල් උපයා ගතයුතු නිසා මෙම පියවර ගෙන ඇති බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *