Post Views: 285 මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට, පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා. පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා කියා සිටියේ, විධායක සභාව ඒකමතිකව මෙම තීරණයට එළඹි බවයි. එම විධායක සභා රැස්වීමට සහභාගී වන ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ලිඛිතව දැනුම් දී තිබුණ ද ඔහු ඊට සහභාගී නොවූ බව පවසන සාගර කාරියවසම් මහතා පක්ෂයේ නව සභාපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසු නාමයන් සලකා බලමින් සිටින බව ද සඳහන් කළා. එහිදී සිවිල් සමාජයේ පිළිගත් පුද්ගලයෙකු නව සභාපතිවරයා ලෙස පත්කිරීමට පක්ෂයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරි සතිය තුළ විධායක සභාව රැස්වී මේ සම්බන්ධ අවසන් තීරණය ගන්නා බව, පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව පක්ෂයේ තීරණවලට පටහැනිව වෙනත් දේශපාලන ධාරාවක කටයුතු කිරීමයි. Post navigation සසරින් එතෙර වන්න හිරිපොකුණදී ගසට වැඩිය හිමිනම. දිවි පරදුවට තියා නොකියාම නික්ම ගිය රණවිරු සෙබළියෝ.