Post Views: 502 පලමු වරට පුර්ණ කාලීන ගුවන්විදුලි අධ්‍යාපන නාලිකාවක් ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ආරම්භ කෙරේ. ලබන සදුදා සිට එය ක්‍රියාත්මකයි. සෑම දිනකම අලුයම 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 20 ක් පුරා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 හා 102.3 එෆ්එම් තරංග මාලා ඔස්සේ එම වැඩසටහන් ප්‍රචාරය කෙරේ. විෂන් එෆ්එම් යනුවෙන් එය නම් කර තිබෙ. සියයට 65 ක් විෂය මුලික ඉගැන්වීම් සදහාද ඉතිරි සියයට 35 විෂය මුලික නොව ඉගැන්වීම් සදහා ද එය වෙන් කර තිබේ. ජනමාධ්‍ය මගින් දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීමේ රජයේ වැඩපිලිවෙල යටතේ ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි. මීට අමතරව ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ පියෝ ටිවි නාලිකාව ඔස්සේ අධ්‍යාපන නාලිකා 6 ක් ඉදිරි සතියේ ආරම්භ කිරිමට නියමිතය. මේ යටතේ නාලිකා 20 ක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. ටෙලිකොම් ආවරණය නොමැති ප්‍රදේශ සදහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනේ. Post navigation ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව රැස්වේ ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්