ජෙනරාල් සලේ මුළු ජීවිතයම මව්බිමේ ආරක්ෂාවට කැප කළ වීරයෙක්… ඔහු අත්අඩංගුවට ගැනීම බරපතල අසාධාරණයක්…! – මහාචාර්ය රොහාන් ගුණරත්න කියයි.

ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ නායකයන් ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් නොකළ යුතු බවත් සිංගප්පූරුවේ නැංයැං තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථාන (ICPVTR) ප්‍රධානි ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්න පවසයි.

අද උදෑසන හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ICCPR පනත යටතේ අත අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා තව දුරටත් සඳහන් කරන්නේ, “ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ජාතික ආරක්ෂක වෘත්තිකයෙකු වන ජෙනරාල් සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. රාජ්‍ය බුද්ධි සේවයේ සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සේවය කරමින් ඔහු සිය මුළු ජීවිතයම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා කැප කළේය. දශක තුනක් පුරා රජයන් පහකට සේවය කරමින් ජාතික, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සඳහා ඔහු කළ සුවිශාල දායකත්වය වෙනුවෙන් ජාත්‍යන්තර බුද්ධි ප්‍රජාව විසින් ඔහු ගෞරවයට පාත්‍ර කළේය. කිසිවෙකුට කැළැල් කළ නොහැකි නොකැළැල් වාර්තාවක් ඔහුට ඇත. ජෙනරාල් සලේ, ඔහුගේ පළමු ආදරය වූයේ ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයන් මිස ඔහුගේ පවුල නොවේ”. යනුවෙනි.

එමෙන්ම, “ජෙනරාල් සලේ කිසිදු වරදක් කළ අයෙකු නොවන අතර 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නැත. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කිරීමෙන් පසු ඉන්දියාවේ කීර්තිමත් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් සිදුකළ කටයුත්තක් ලෙස පෙනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින අය ගැන විමර්ශනය කළ යුතුය.
ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම කණ්ඩායම් දෙකක් විසින් සමරති. පළමු කණ්ඩායම නම්, පාස්කු ඉරිදා සංහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ය. දෙවැනි කණ්ඩායම නම්, පාස්කු සංහාරය පිළිබඳ ව්‍යාජ ආඛ්‍යාන සහ කුමන්ත්‍රණ න්‍යායන් ගොතමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට දොස් පවරන දේශපාලන රැඩිකල්වාදීන්ය.” යනුවෙන්ද හෙතෙම පවසයි.

“ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය – ජාත්‍යන්තර ප්‍රජාවට පාඩම්” යන ග්‍රන්ථයේ කතුවරයා ලෙස, මම ප්‍රහාරය පිළිබඳව ඉතා විස්තරාත්මකව විමර්ශනය කර අපරාධකරුවන් හඳුනාගෙන ඇත්තෙමි. මගේ සොයාගැනීම් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ නිව් ස්කොට්ලන්ඩ්යාඩ් මෙන්ම ඉන්ටර්පෝල්, ප්‍රහාරය විමර්ශනය කළ බලධාරීන් සහ ආයතනවල වාර්තා සමඟ අනුකූල වේ.
ශ්‍රී ලංකා නායකයින් ජාතික ආරක්ෂාව සමඟ සෙල්ලම් නොකළ යුතුය. ජාතියක් සුරක්ෂිත කිරීම සඳහා ද්විපාර්ශ්වික ප්‍රවේශයක් තිබිය යුතුය. පරිණත පාලනයක ස්වභාවය එයයි.” යනුවෙන් ද මහාචාර්ය රොහාන් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලීසිය සඳහන් කලේ පාස්කු ප්‍රහාරයේ මේ දක්වා අනාවරණයවී ඇති කරුණු අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකල බවත් නීතීමය ප්‍රතිපාදන අනුව ඔහුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට හැකි අතර ඉන් අනතුරුව අනාවරණය වන කරුණු මත ඉදිරි පියවර ගනු ලබන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *