ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාට ලිපියක් මගින් දැනුම් දෙනු ලැබ ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .

පසුගිය සතියේ දී ඔවුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩව කරගෙන යන ලෙස දැනුම් දී ඇති බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *