Post Views: 494 මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අනුමැතිය හිමිව තිබේ.අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත. දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්ගෙන් සපුරාගැනිමට නොහැකි 2021 / 2022 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය තරඟකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමය කරමින් පොහොර ආනයනය කිරීමට තීරණය වී තිබේ.ඒ අනුව සීමාසහිත ලංකා පොහොර සමාගම ට සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත තරඟකාරී ලංසු කැඳවා ඇත. අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ අදහස් දැක්විය. “2021 / 2022 මහ කන්නය සඳහා කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ, කීලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබාදීලා තියෙනවා. දේශිය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් එම විශේෂිත පොහොර කාබනික පොහොර ලෙස රටට ගෙන්වා ගැනිම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අනුමැතිය ලබාදීලා තියෙනවා.” Post navigation කාබනික වගාවේ පෙරලියක්