ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (12) පෙරවරුවේ කොළඹ දී සිය පළමු හමුව පැවැත්වීය.

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධුරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන අදාල සාකච්ඡා පැවැත්විණි. මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව, එළඹෙන සතිය තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගන්නා බවත් එහිදී ප්‍රකාශ කෙරුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *