
පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදිසියේම ඉල්ලා අස්වෙයි.SSP Buddhika Manatunga has resigned from the position of Police Media Spokesperson.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තීරණයට කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත් ලද ඔහු 2014.01.01 දින සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇත.
දේශීය සහ විදේශීය පොලිස් සේවයට අදාළ පුහුණු පාඨමාලා රාශියක් හදාරා ඇති ඔහු මහනුවර සහ ත්‍රිකුණාමලය කොට්ඨාශවල සේවය කිරීමෙන් පසු මානව හිමිකම් අංශයේ අධ්යක්ෂ, පොලිස් මාධ්‍ය අංශයේ සහ මහජන සම්බන්ධතා අංශයේ වැඩබලන අධ්යක්ෂ, නීති අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ සහ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරි ලෙස සේවය කර 2024 දෙසැම්බර් 16 වන දින පොලිස් මාධ්‍ය අංශයේ අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස වැඩ බාරගන්නා ලදී.
පෞද්ගලික කරුණක් මත මෙසේ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කල බවත් අදාල ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දන්වා ඇති බව වාර්තා වේ.

More Stories
මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල
හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර...
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ.
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන...
ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව...
UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.
එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ...
පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි.
වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9...
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.
තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය...
Average Rating