
පේරාදෙණියේදී ටිකිරි මැණිකෙගෙ පස්ස ගැලවිලා.
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ අංක 1123 ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම ඊයේ (19) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ පිළිමතලාව පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.
ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය එස් 12 බලවේග එන්ජින් දෙකකින් සමන්විත අතර එහි පිටුපස එන්ජිම මෙසේ ගැලවී යනු දුටු මගියෙකු දුම්රියේ හදිසි අවස්ථා දම්වැල ඇද ඇත. මෙහිදී දුම්රිය මද දුරක් ගොස් නතර වීමේදී ගැල්වුනු එන්ජිම නතරවූ දුම්රිය අසලට පැමිණ නතර වී ඇත.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය විශාල අනතුරක් අනූනවයෙන් වැළකී ගිය බවත් පසුව යලි එන්ජිම තාවකාලිකව දුම්රියට සවිකරගෙන මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණ අළුත්වැඩියා කටයුතු කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
More Stories
මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල
හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර...
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ.
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන...
ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව...
UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.
එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ...
පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි.
වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9...
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.
තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය...
Average Rating