
මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ 4 අදියර සාර්ථකව නිමාකෙරේ.
සම් සම් පදනම වෙතින් පවත්වන ලද මූලික ඉස්ලාම් ආගමික අධ්‍යයන පාඨමාලාවේ සමාප්තිය අද(15) දෙහිවල පිහිටි සම් සම් පදනම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
දශක කිහිපයක සිට මෙරට සාමය සහ ජීවනය වෙනුවෙන් ජාති බේදයකින් තොරව කැපවී විවිධ සමාජ සත්කාරක කටයුතු ඉටු කරන සම් සම් ආයතනය මෙම මූලික ඉස්ලාම් අධ්‍යයන පාඨමාලාව පවත්වනුයේ සම්පූර්ණයෙන්ම නොමිලයේය.
මෙවර පාඨමාලාව හැදෑරීම සදහා රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, ව්‍යවසායකයින්,සමාජ ක්‍රියාකාරිකයන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විවිධ පාර්ශව ගණනාවක පිරිස් සහභාගී වන ලදී.
සමාප්ති අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සම් සම් පදනමේ සභාපති ආෂ් ශේක් අල් මුෆ්ති යූසුප් හනීෆා මහතා අදහස් දක්වමින් හැම දෙනාම පළමුව තම පවුල ආරක්ෂාකරමින් කටයුතු කලයුතු බවත් එවිට අපට සුන්දර රටක් ගොඩනැංවිය හැකි බවත් පැවසීය. එමෙන්ම බොහෝ තනතුරු දරන්නන්ට එම තනතුරු හැර යාමෙන් පසුව හිටපු යන පදය භාවිතා කලද පවුලක මවට , පියාට හෝ දරුවන්ට හිටපු යන වචනය භාවිතා නොකරන්නේ පවුල් සංස්ථාවේ ඇති වැදගත්කම නිසාම බවත් සදහන් කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි ඒ.කේ. අංජානි දිනුෂිකා සෙනෙවිරත්න මිය මෙම පාථමාලාවේ ලද අත්දැකීම් සහ වැදගත්කම පෙන්වා දෙන ලදී. මාස 5 කට ආසන්න කාලයක් පැවති මෙම පාඨමාලාවේදී මුස්ලිම් ප්‍රජාවේ සමාජ ආර්ථික කටයුතු පිළිබදව මනා දැනීමක් ලබාදීම සදහා පාඨමාලාව හැදෑරූවන් ක්‍රේෂ්ත්‍ර චාරිකාවන්ද රැගෙන යාම සිදුකර ඇත.







More Stories
අවුරුදු නැකැත් වල අඩුපාඩු කියන තාරකා විද්‍යාඥයා
තාරකා විද්‍යාවට අනුව සිංහල නැකැත් වල බරපතල අඩුපාඩු ඇති බවත් වසර සිය ගණනකට පෙර නැකැත් සෑදීමට යොදාගත් ක්‍රමවේදම වත්මන් කාලයේත්...
අපොස සා/පෙළ විද්‍යාව ප්‍රශ්ණ පත්තරේ ගැන ආපූ අළුත්ම කතාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම වංචනිකව යොදාගනිමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව...
නොමිලයේ පවත්වන සෞන්දර්යාත්මක කථක් සංදර්ශනයක් කොළඹ දී. Blue Kathak dancing programme By Major veronika dasanayaka. 7th February 2025 at 6.30 p.m. University of visual and performing arts panibaratha theater.
ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක, සහ කථිකාචාර්යවරියක වන මේජර් වෙරෝනිකා දසනායක විසින් පවත්වන පැයක ඒක පුද්ගල නර්තන සංදර්ශනයක් බ්ලු නමින් එළඹෙන...
රටවටා යන “සංගීතයයි සංවාදයයි” ප්රසාංගික රාත්‍රීය මහරගම මහජන පොළ පරිශ්‍රයේ දීත්.
No names collective සංවිධානය විසින් සංවිධානය කළ "සංගීතයයි සංවාදයයි" තවත් ප්රසාංගික රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ දී පසුගිය දා (19)...
“සංකලන 2024” රංග කලා මංගල්‍යය හෝමාගම, දියගමදී.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවමින් සිසු දක්ෂතා රටට එළිදැක්වීමේ අරමුණින් පවත්වන රංග කලා මංගල්‍යය "සංකලන 2024"...
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 ඇරඹේ
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 5,108 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Average Rating