මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.

Read Time:2 Minute, 45 Second

මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සදහන් කලේ, ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලක්වා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ජාවන් සිදුකල නමුත් තවමත් නිසි විසදුමකට පැමිණීමට හැකියාවක් නොලැබුනු බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීම හා ඒ වෙනුවෙන් කොමිසමක් පත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස වත්මන් රජයට යෝජනා කරන බවත් ඒ සදහා උපරිම සහාය තම සංගමයෙන් ලබාදෙන බවත් වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සදහන් කරන ලදී.

පොලිස් රථවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා මෙහිදී සදහන් කලේ, මාර්ග වල පවතින තත්වයත් රිය අනතුරු සදහා මූලික හේතුවක් වන බවත්ය. මේ සම්බන්ධයෙන් පොලීසිය දිගින් දිගටම කරුණු දක්වන විටත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් එය නොතකා හරින අවස්ථාවන් වලදී ඔවුන්ට එරෙහිව උසාවියට කරුණු ඉදිරිපත් කරන බවයි.
මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කල මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලයේ, සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ට ඉංජිනේරු අනුරාධා සංජීවනී මහත්මිය සදහන් කලේ අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති විම දැනට පවතින ප්‍රධාන ම සාධකයක් බවයි.

මෙරට සිටින අන්තර්ජාතික වශයෙන් ප්‍රවීනතම මෝටර් රථ ධාවන ශූරයෙකු වන ඩිලන්ත මාලගමුව මහතා මෙහිදී විශේෂිත කරුණක් හෙළිකරමින් ණයවර ලිපි Letter of Credit විවෘත කර ඉන්දියාවෙන් ඇණවුම් කරන්නේ බස් රථ වුවත් මෙරටට ගෙන්වන්නේ ලොරි රථය බව සදහන් කරමින් මෙසේ මගී ප්‍රවාහනයට නුසුදුසු වාහන ලංකාවට ගෙනැවිත් ලියාපදිංචි කිරීමේ වරද කරන්නෙ කවුද කියා සොයා බැලිය යුතු බව මාධ්‍ය හමුවේ අවධාරණය කරණ ලදී.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *