දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ.

Read Time:4 Minute, 25 Second

දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කර ඔවුන්ගේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපළ වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ව්‍යවසායකයන් සඳහා පිරිනමනු ලබන” Made in Sri Lanka සන්නාම ලාංඡන” ප්‍රදානය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් මෙරට කුඩා , මධ්‍යම හා මහා පරිමාණ විවිධ ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර වල සිටින ව්‍යවසායකයින් 45 දෙනෙකු හට මෙසේ සන්නාම ලාංඡන ප්‍රදානය සිදු කෙරිණි.

” Made in Sri Lanka සන්නාම ලාංඡන” වැඩසටහන මඟින් දේශීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉස්මතු කර ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා දේශිය හා විදේශීය වෙළඳපොළ තුළ ලැබෙන අවස්ථාවන් තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කර ඇති මෙම ” Made in Sri Lanka ” ලාංඡනය මගින් එම නිෂ්පාදන වලට දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපළට වඩා විධිමත්ව පිවිසීමට මෙන්ම එම නිෂ්පාදන අනවසර භාවිතයෙන් ආරක්ෂා කර ගැනීමටද උපකාරී වෙයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, “පසුගිය කාලයේ රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීමකට ලක්වූ බවත් රටේ ව්‍යවසායකින් ආරක්ෂා කිරීම පවතින රජයේ වගකීමක් වුවත් ඒ සඳහා නිසි රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම එයට හේතු වූ බව” පැවසීය. එසේම ලෝක ආර්ථිකයේ අපේ රටට හිමි කොටස මෙතෙක් අප අත්පත් කරගෙන නොමැති බව පැවසූ අමාත්‍යවරයා එය අත්පත් කර ගැනීමට භූමියේ ප්‍රමාණය කිසිසේත්ම වැදගත් සාධකයක් නොවන බවත් ඉන්දියාව සහ චීනය යන බලවත් ආර්ථික දෙකකට මැදිව ගමන් කරන අප එම බලවත් ආර්ථික වලින් ලබා ගත හැකි වාසිය උපායශීලීව ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසීය.

තවද දේශපාලන හේතුන් මත චීනය හා ඉන්දියාව යන මෙම බලවත් වෙළඳපළවලට ප්‍රවේශ විය නොහැකි පකිස්ථානය වැනි රටවල වෙළඳපළවල් අත්පත්කර ගැනීමට අප ව්‍යවසායකයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ,
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දේශීය වෙළඳපළ වැඩි වශයෙන් ඉලක්ක කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කළත් වර්තමාන ආර්ථික රටාව තුළ දේශීය වෙළඳපොළක් නොමැති බවත් ඇත්තේ එකම එක තරගකාරී අන්තර්ජාතික වෙළඳපලක් බවත්ය. එබැවින් ලොකු කුඩා සෑම ව්‍යවසායකයෙක්ම අන්තර්ජාතික වෙළඳපොලේ තරගකාරීත්වයට ගැලපෙන පරිදි තම නිෂ්පාදන ඉදිරිපත් කිරීම කළ යුතු බව පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, Mother Sri Lanka පදනමේ නිර්මාතෘ ආචාර්ය ජානකී කුරුප්පු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *