හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි

Read Time:2 Minute, 47 Second

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04 ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණු නමුත් ඔහු එහි නොපැමිනි නමුත් ඊයේ පෙරවරු 09.30 ට පමණ CID යට පැමිණි ඔහුගෙන් පස්වරු 01.30 පමණ වනතුරු ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධ විමර්ශනයකට අදාළවයි ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ. රාජපක්ෂ වරුන්ගේ ඉතාම සමීපතමයෙක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග දශක ගණනාවක්ම කටයුතු කර ඇති මහින්දගේ විශ්වාසවන්තම ආරක්ෂක නිළධාරියා වන යුධ හමුදා විශ්‍රාමික ලුතිතන් කර්නල් වරයෙකු වන නෙවිල් වන්නිආරච්චි සතුව ඇති විශාල වත්කම් රැසක් ගැන මෙම විමර්ශණ ක්‍රියාත්මකයි.

යුධ හමුදා සේවා බළකායේ සාමාන්‍ය සෙබළෙකු ලෙස රැකියාවට එක්වූ නෙවිල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සේවය කරනා අවධියේ ඔහුගේ රියැදුරෙකු වශයෙන් කටයුතු කෙළේය. ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් ඉවත් වී ඇමරිකාවට යාමත් සමගම මහින්ද රාජපක්ෂට එක්වන නෙවිල් එතැන් පටන් මහින්ද ගේ සහායට යන අතර 1989 මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමත් සමග නීත්‍යාණුකූලව ඔහුගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කරනු ලැබීය. එතැන් සිට අද දක්වා ඔහු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක වශයෙන් කටයුතු කරයි.

නෙවිල් වන්නි ආරච්චි මෙයට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවකදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය රුපියල් 5000 ක දඩයකටද යටත් කෙරුනි. ඒ හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කිරීමේදී සාධාරණ හේතුවක් නොමැතිව වසර 5 කට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීමට වරදකරු කරමිනි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *