ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21)
ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දුන් අතර නව කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍ර සේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය
අමාත්‍යවරු දිවුරුම් දීම සරල හා චාම් ආකාරයට සිදුවූ අතර පාක්ෂික ආධාරකරුවන් ගෙන්වා ජයගෝෂා පවත්වමින් දිවුරුම් දීම සංදර්ශනයක් බවට පත් කිරීම මෙවර සිදු නොවීම විශේෂත්වයකි.
දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අදහස් දක්වමින්, “දීර්ඝ කාලයක් රටේ පැවති දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ජනතාව තීන්දුවක් ගත් බවත් මේ රටේ කාලයක් තුල පැවතියේ බෙදීමේ දේශපාලනයක් බවත් එය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව පැවසීය. “මෙවර ඇති විශේෂත්වය වන්නේ මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත්තද එය සාමකාමීව විදදරා ගැනීමට මෙන්ම පරාජිතයා පීඩාවට පත් නොකිරීමටත් අප ජනතාවට නව අත්දකීමක් ලබාදුන්නා” එමෙන්ම, තවදුරටත් අපව මනිනු ලබන්නේ සටන් පාඨ වලින් නොව එම සටන් පාඨ වලට අප පණ පොවන ආකාරය අනුව බවත් සදහන් කරන ලදී. අනතුරුව ජනාධිපතිවරයා නව අමාත්‍ය මංඩලය සමග සමූහ ඡායාරූපයකටද පෙනීසිටින ලදී.
Average Rating