මහ මැතිවරණයට නාම යෝජනා දුන් රන්ජන් ජනපති සමාව ඉල්ලයි.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස නාමයෝජනා බාර දී ඇති එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ (UDV) නායක රංජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් තම ප්‍රජා අයිතිය අහෝසිවීම වෙනුවෙන් ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තාවේ.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක ලෙසත් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙසත් රංජන් රාමනායක මහතා ඉදිරිපත් කල නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසම විසින් පිළිගැනීම නිසා ප්‍රජා අයිතිය අහෝසි වූවෙකු මැතිවරණයකට තරග කරන්නේ කෙසේද යන ගැටළුව සමාජයේ කතාබහට ලක්වෙමින් පවතී.
යහපාලන රජය සමයේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු බවට ත්රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2021 ජනවාරි 12 වැනි දින, විනිසුරු සිසිර ද ආබෲ, විජිත් කේ මාලගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින්, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි අධිකරණයට අපහාස කිරීමේ වරදට අපි ඔහුව වරදකරු කර වසර හතරක බරපතල සිරදඬුවමකට නියම කරනවා” යැයි සිය තීන්දුවේ සඳහන් කර රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
එම දඩුවම ක්‍රියාත්මක වීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඔහුගේ ඡන්ද අයිතිය අහිමිවීම සිදුවන අතර ඡන්ද අයිතිය අහිමි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරාපත් කර ගැනීමට ඉදිරිපත්විය නොහැකි බවත් ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ සදහන් ව ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල සොයාබැලීමේදී හෙළිවූයේ රන්ජන රාමනායක මහතා සිරදඩුවම් විදි අවස්ථාවේ හෝ ඉන් පසුව හෝ ඔහුගේ නම මැතිවරණ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට අදාල බලධාරීන් කටයුතු නොකර තිබූ පසුබිමක ඡන්ද දායකයෙකු වන රන්ජන් රාමනායක මහතා මැතිවරණයට ඉදිරිපත් වීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීම පැහැර හැරීම නිසා සිදුව ඇති බවක් ද පෙනී යයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දුන් නමුත් එය සම්පූර්ණ සමාවක් නොවන බවත් ඔහුගේ ප්‍රජා අයිතිය සදහා සහනයක් ලබාදී නොමැති බවත් නිතී ක්‍රේෂ්ත්‍රය තුලින් වාර්තාවන කරුණු අනුව පැහැදිලි වන තත්වයක් තුල ඔහුට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට කිසිඳු තත්වයක් යටතේ තරඟ කළ නොහැකි බව නීතී විශාරදයන්ගේ මතයයි.
මේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා අධිකරණයට කරුණු වාර්තාකිරීමේ සූදානමක් පවතින බවත් වාර්තාවන අතර ඔහු මෙයට පෙර හිටපු සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකුව සිටිමින් පාර්ලිමේන්තු මංත්‍රීධූරයක් දැරීම සම්බන්ධයෙන් අධිකරණට නඩුවක් ගොනුකර ඩයනා ගමගේ මත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට තීන්දුවක් ලබා ගන්නා ලදී.
Average Rating