පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා යන පුවත සත්‍යයක් නොවේ.
විසිර වූ ගැසට්ටුව වැරදියි. මැතිවරණය අවලංගුකර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා” යනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ද වන සමාජ ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් පිටුව හරහා කල පලකිරීමක් සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ඇතිවූ අතර ඒ පිළිබද පුවත විවිධ මාධ්‍යයන් ද වාර්තා කර තිබුනි.
ලංකා සී නිවුස් වෙබ් අඩවියේ එම පුවත වාර්තා කර තිබුනේ මෙලෙසයි.
”විසිරවූ ගැසට්ටුව වැරදියි.. මැතිවරණය අවලංගු කර පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්න වෙනවා..”
මේ තත්වය සමාජයේ මහත් කතාබහට ලක්වන තත්වයක් තුල මෙහි සත්‍ය තත්වය පිළිබදව කරුණු පරීක්ෂාවක් සිදුකරන ලදී. එහිදී පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ඇති නීතිමය තත්වය පිළිබදව කල විමසීමේදී ඇති තත්වය නම්,
පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා මේ වන විටදී මෙරට නවවන විධායක ජනාධිපති ලෙස කටයුතු කරන අතර ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා විසින් අගමැති ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු පත් කරන ලදී. ඉන් අනතුරුව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 සැප්තැම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නියෝගය නිකුත් කරන ලදී.
එම ගැසට් නියෝගයේම, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත හා 1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත යටතේ, ”පාර්ලිමේන්තුව විසුරුවා හරින සෑම ප්‍රකාශනයකම ජනාධිපතිවරයා විසින්, නාම යෝජනා කාලසීමාව හා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සඳහන් කරමින් ගැසට් පත්‍රයේ දැන්වීමක් පලකල යුතුය”. යන විධානය ප්‍රකාරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාල දිනයන් ප්‍රකාශයට පත්කර තිබුනි.
ඒ අනුව, ඔක්තෝම්බර් මස 04 දින සිට ඔක්තෝම්බර් මස 11 දින දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමටත්, නොවැම්බර් මස 14 දින පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමත් පැවැත්වීමට දින නියම කර තිබුනි.
මැතිවරණ දිනය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබී ඇත්තේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව වන අතර එකී නියමයට අදාල දින වකවානූ 1988 අංක 15 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත මගින් සංශෝධනයට ලක් කරන ලදුව පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා කැදවීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර 10 වන දිනයේ සිට 17 වන දිනය දක්වාත්, මැතිවරණ දිනය නාමයෝජනා දිනය අවසන්ව සති 5 කට නොඅඩු සහ සති 07 කට නොවැඩි දිනයක් විය යුතු බවත් සදහන් වේ. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ බලය සම්බන්ධව සදහන් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සදහන් කරනුයේ, “පාර්ලිමේන්තුව විසිරවූ දිනයේ සිට දින 52 ක හා දින 66 ක කාල සීමාව තුල මැතිවර්ණය පැවැත්වීමට මැතිවරණ කොමිෂම බැදී සිටින බවයි”
ඒ අනුව සැලකීමේදී මෙවර මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම යම් ගැටළු සහගත බවක් තිබුන බැවින් අප මේ සම්බන්ධයෙන් නීතී විශාරදයින්ගේ මතය විමසීමට කටයුතු කරන ලදී.
එහිදී ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සදහන් කලේ, පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දැනට පවතින ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාට ඇති නීතීමය ප්‍රතිපාදන මත සිදුකර ඇති නිසා පාර්ලිමේන්තුව යලි කැදවීමක් කිසි ලෙසකත් සිදු නොවන බවයි.
මේ සම්බන්ධයෙන් ජන අරගල සංධානයේ නීතීඥ නුවන් බෝපගේ මහතා සදහන් කලේ මැතිවරණ අපේක්ෂකයෙකු නිසා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සුදුසු නොවන නමුත් පවතින තත්වය අනුව පාර්ලිමේන්තුව යලි කැදවීමේ කිසිදු තත්වයක් නොමැති බවයි.
මේ සමානම මතයක් නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා ද සදහන් කල අතර මැතිවරණ දිනය පිළිබද යම් ව්‍යාකූලබවක් තිබුනද සියළු නීතිමය කාරනා නිවරදිව සිදුව ඇති මොහොතක එක් දිනයක් මූලික කොට සමස්ත ක්‍රියාවලියම ආපස්සට හැරවීමේ ප්‍රායෝගික බව පිළිබදවත් සැලකිය යුතු බවත් පෙන්වාදෙන ලදී.
මේ අනුව පෙනීගිය කරුණ නම්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත නීතියට අනුකූලව නිසා මේ කුමන ආකාරයක තත්වයක් මත වුවත් පාර්ලිමේන්තුව නැවත කැදවීමක් සිදු නොවන බවත් සිදුවන්නේ මැතිවරණය සම්බන්ධ දින වකවානූ වෙනස් වීමක් පමණක් බවත් ය.
මේ කරුණු මත පාර්ලිමේන්තුව යලි කැදවයි යන පුවත අසත්‍ය බවත් ජනතාව නොමග යවන සුළු පුවතක් බවත් නිගමනය කෙරේ.
Average Rating