රැකියා විරහිත තරුණයන්ට රජයෙන් රුපියල් 50,000 ක් ලබාදෙන පුවත අසත්‍යයකි.

Read Time:4 Minute, 39 Second

ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024 යන තේමාවෙන් යුක්තව රැකියා විරහිත පුරවැසියන්ට ගෙවීමට සහ ශ්‍රී ලංකාවේ අර්බුධයෙන් පීඩාවට පත් පුරවැසියන්ට වන්දි ගෙවීම සදහා ශ්‍රී ලංකා රජය රුපියල් 50,000 ප්‍රදාන මුදලක් අනුමත කර ඇති බව සදහන් කරමින් ඒ සදහා අයදුම් කරන ලෙසට දන්වා පණිවිඩයක් සමාජ මාධ්‍යය හරහා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී.

https://tinyurl.com/SRI-LANKA-YT-EMPOWERMWNT-2024

මෙම පුවතේ සත්‍යතාව සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදුකරන ලද අතර එහිදී මුලින්ම විමර්ශනයට ලක්කෙරුනේ මෙම පුවත රාජ්‍ය ලාංඡනය සහිතව රජයේ වැඩසටහනක් ලෙසට කර තිබූ පලකිරීමක් නිසා එහි වෙබ් අඩවි නාමය (Domain Name) රජයේ වෙබ් නාමයක් ද (gov.lk) යන්නයි. මෙහිදී පෙනී ගියේ එය ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි නාමයන් සදහා බාවිතා කරන gov.lk නාම කරනය රහිත වෙබ් අඩවියක් බවයි.
අනතුරුව මේ සම්බන්ධයෙන් රජයේ යම් සම්බන්ධයක් තිබේද යන කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමේදී එම පණිවිඩය සදහා රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සදහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) වෙතින් විමසීමක් කල අතර එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල විසින් සදහන් කරන ලද්දේ මෙය ව්‍යාජ තොරතුරක් බවත් මේ ආකාරයේ ව්‍යාජ තොරතුරු විවිධ ආකාරයන්ට සමාජ මාධ්‍යය හරහා පතුරුවමින් නොයෙකුත් වංචා කිරීමට විවිධ කණ්ඩායම් ක්‍රියාකරන බැවින් එවැනි වංචනිකයන්ට අසුනොවන ලෙසත් ය.

මෙවැනි ව්‍යාජ පලකිරීම් මගින් ඇතිවන තත්වය කුමක්ද යන්න පිළිබදව විමසීමක් කිරීමේදී හෙළිවූයේ මෙවැනි දේ කරුණු කිහිපයක් මත සමාජ මාධ්‍යයන් තුල පැතිරීමට ඉඩ තිබෙන බවකි.
1 සහන හෝ දීමනාවක් ලබාදෙන බවට ජනතාව අතර මතයක් ඇතිකර රජය අපහසුතාවයට පත්කිරීම සදහා.
2 පුද්ගල තොරතුරු ලබාගෙන එම තොරතුරු බාවිතා කරමින් ඒ හරහා වෙනත් වංචනික කටයුතු සිදු කිරීමට.
3 කිසිදු අරමුණකින් තොරවම සමාජය තුල යම් කැළඹිලිකාරී ස්වරූපයක් ඇතිකර තෘප්තියට පත්වීමට.
මේ නිසාවෙන් කිසිදු අවස්ථාවක තමන්ගේ දුරකථනයට හෝ පරිගණකයට හෝ ලැබෙන මෙවැනි අසාමාන්‍ය ආකාරයේ වාසි හෝ දීමනා සම්බන්ධ යොමුවන් වෙත යාමට හෝ ඒවාට ජනතාවගේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වලකින ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය මහජනතාවට දැනුවත් කරසිටී.

මේ පිළිබදව තව දුරටත් කල පරීක්ෂාවන් හී ප්‍රතිපලයක් ලෙස එකී ආධාර ලබාදීමේ වැඩසටහනට අදාල අන්තර්ජාල පලකිරීම වෙනසකට ලක්කර එය පසුගිය මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට ඡන්දය දුන් පිරිසට අන්තර්ජාල පහසුකම් සදහා ඬේටා නොමිලයේ ලබා දීමක් ලෙසට වෙනස් කර ඇත.

https://vfdsdthhjkloiuytrerwadzxvc.blogspot.com/?m=1#1729170255494

මේ පිළිබදව අප විසින් කල විමසීම නිසා අදාල පුවත ගැන දැනුවත් වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) වෙතින් ජනතාව දැනුවත් කිරීමට පහත පරිදි කටයුතු කර ඇති බවත් මේ වන විටදී මෙම පුවතට අදාල අන්තර්ජාල බ්ලොග් අඩවිය සම්බන්ධව කල පරීක්ෂාව තුලින් හෙලිවූයේ මේ වන විටදී එකී ව්‍යාජ බ්ලොග් අඩවිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් නිරීක්ෂණය විය.

මේ අනුව පැහැදිලි වන්නේ “ශ්‍රී ලංකා තරුණ සවිබල ගැන්වීමේ අරමුදලේ වැඩසටහන 2024” යන තේමාවෙන් යුක්තව රැකියාවිරහිත තරුණයන්ට රුපියල් 50,000 ක් ලබාදීමට රජය කටයුතු කරන බවට පැතිර යන පුවත අසත්‍යකි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *