![](http://www.smn24.lk/wp-content/uploads/2024/10/News-15.jpg)
දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
2022 මාර්තු මස 31 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට යන මාර්ගය වන මිරිහාන පැඟිරි වත්ත මාර්ගයේ රැඳී සිට උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පහරදී මහජනතාව ප්‍රකෝප කිරීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන පරීක්ෂණය සම්බන්ධයෙනි.
එම පරීක්ෂණයට අදාලව කරන විමර්ශනයක් සදහා ලබන සඳුදා (07) පෙරවරු 9.00 ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට සුගීෂ්වර බංඩාර වෙත දැනුම්දී ඇත.
අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලද පුද්ගයින් 12 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව අයිතිවාසිකම් නඩු පවරා ඇති බවත් වාර්තා වේ.
![](http://www.smn24.lk/wp-content/uploads/2021/09/SMN24.jpg)
More Stories
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව...
Army HQ bid Farewell to the Outgoing Commander of the Army
A formal farewell ceremony marked the departure of the 24th Commander of the Army, General Vikum Liyanage RWP RSP ndu,...
මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.
පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ...
හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04...
අල්ලස් චෝදනාවකට පොහොට්ටු හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ අත් අඩංගුවට.
රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාලව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අත් අඩංගුවට...
පොහොට්ටු ගුරු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී...
Average Rating