
නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක්
මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට දැක්වූ දායකත්වය ගැන මෙරට ජනතාවට ඇත්තේ සැකයට තුඩු දෙන තත්වයකි. වරක් නීතිපති දෙපාර්තමේන්තුවේ එතෙක් කලක් නොතිබූ සම්බන්ධීකරණ නිළධාරී තනතුරක් ඇති කරමින් තම හිතවතියක් ඒ සදහා පත්කෙරුනු ඉතිහාසයක් ද ඇති මෙරට නීතිපති දෙපාර්තමේන්තුවට මෙවර එල්ල වන්නේද එවැනිම පත්වීම් සම්බන්ධ චෝදනාවකි.
නිතිපති දෙපාර්තමේන්තුවට රජයේ අධි නීතීඥයන් (State Counsel) බදවා ගැනිමට පැවති සම්මුඛ පරික්ෂයෙන් තොරා ගත් නිතිඥයන්ගේ නම් කපා දමා විවිධ හිතවතුන්ගේ නම් ඇතුලත් කර පත්වීම් ලබාදීමට කල උත්සහායකට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරී ඇත.
නිතිපති දෙපාර්තමේන්තුවට රජයේ අධි නීතිඥයන් 23 දෙනෙකු බදවා ගැනිමට පසුගිය වසරේ දෙසැම්බර් 29 දින දින සිට මේ වසරේ ජනවාරී 22 දින දක්වා කාලය තුල අයදුම්පත් කැදවු අතර ඒ සදහා අයදුම්පත් 800 ක් ලැබී තිබුනි. එම අයදුම්පත් අතුරින් මූලික සුදුසුකම් සපුරාතිබූ අපේක්ෂකයන් 600 ක් සිටි අතර සුදුසුකම් නොතිබූ අපේක්ෂකයන් 200 කගේ අයදුම්පත් ප්‍රතිශේප කෙරුනි.
අනතුරුව මූලික සුදුසුකම් සහිත අපේක්ෂකයන් 600 දෙනාම දිනකට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් වනසේ සම්මුඛ පරීක්ෂණ සදහා කැදවා පරීක්ෂණයට භාජනය කර තිබුනි. එම සම්මුඛ පරීක්ෂණයන්ගෙන් අනතුරුව අවසන් සම්මුඛ පරීක්ෂණය සදහා අපේක්ෂකයන් 46 දෙනෙකු තෝරා ගෙන තිබූ අතර ඉන් අනතුරුව පුරප්පාඩු සංඛ්‍යාව 38 ක් දක්වා වැඩි කර අවසන් සම්මුඛ පරීක්ෂණය සදහා තෝරාගත් අයදුම්කරුවන් ගණන 76 දක්වා ඉහල නංවා ඇත.
කෙසේ වෙතත් මෙසේ නිසි ක්‍රියාදාමය තුල සුදුස්සන් තෝරාගැනීම සිදුවෙත්දී ඉහල තැනකින් විවිධ සම්බන්ධතා සහිත අයවලුන්ගේ හිතවතුන් මේ සදහා පත් කිරීමට කටයුතු කෙරෙන බව හෙළිදරව්වන තත්වයක දී මෙම තනතුර සදහා ඉල්ලුම් කල සියළු සුදුසුකම් සහිතව සිටියදීත් නොතේරුන අපේක්ෂකයන් විසින් මෙම පත්වීම් ලබාදීම සාධාරණ යුක්ති මූලධර්මයන්ට පටහැනි බවත් එමනිසා මෙම පත්වීම් ලබාදීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පසුගියදා (26) අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
නීතීපතිවරයා, රාජ්‍ය සේවා කොමිශන් සභාවේ සභාපති, හිටපු නීතිපති සහ සොලිසිටර් ජනරාල් ඇතුළු 53 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත.


More Stories
මහනුවර දළදා දැක්ම හෙට (18) සිට ඇරඹේ. සැදැහැවතුන් දැන් සිටම පෝලිම් වල
හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත දළදා දැක්ම වෙනුවෙන් මහජනතාව ඊයේ සිටම පෝලිම්වල එක්රොක් වී සිටිනාකාරය මේ වන විටදී මහනුවර...
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරුවලට බඳවා ගැනීමේ තරඟ විභාගයේ දින නිකුත් කෙරේ.
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන...
ජනමාධ්‍යකරණය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමට පියවර. Empowering Women in Journalism
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සහ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) එක්ව සංවිධානය කරන ලද කාන්තා මාධ්‍යවේදිනියන් සඳහා වූ නායකත්ව...
UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.
එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ...
පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි.
වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9...
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.
තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය...
Average Rating