දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ?
Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි නම් හෝ සේවා සැපයීම දුර්වල නම් ඔබට ඔබේ දැනට භාවිතා කරන දුරකථන අංකයම වෙනත් දුරකථන ජාලයකට මාරුකරගෙන භාවිතා කිරීමට හැකියාව ලැබෙන ක්රමයකි.
මේ සදහා මීට වසර කිහිපයකට පෙර රටේ ලොකු කතාබහක් ඇති වුවත් දුරකතන සමාගම්වල ඒකාධිකාරය හා මෙරට සමහර නිළධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා තවමත් එය ක්‍රියාත්මක නොවී පවතිනවා. මේ සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (Telecommunications Regulatory Commission of Sri Lanka) වසර 2021 දී මහජනතාවගේ මතය විමසීමක් කලා. ඉන් අනතුරුව මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න නීත්‍යානූකූල පසුබිම සකස්කලා. නමුත් මේ ගැන මෙරට සමාජය තුල පැවති අඩු අවධානය සහ උනන්දුව නිසාම ඒක තාමත් ක්‍රියාත්මක කරන්න දුරකතන සමාගම් පෙළඹිලා නැහැ.
ඒකට හේතුව තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක කලොත් මීට පස්සෙ දුරකථන අංකය වෙනස් කරන්න වෙයි කියන බය නිසා ඔබ අකමැති දුරකථන සේවා සමාගමකම එල්ලිලා ඉන්න අවශ්‍ය නොවීම. ඔබ දැනට භාවිතා කරන අංකයම ඔබට වෙනත් දුරකථන ජාලයකත් භාවිතා කරන්න පුළුවන් නිසා දුරකථන සමාගම් වල ඒකාධිකාරයට මේ හරහා යම් පහරක් එල්ල වනවා.
දැන් එතකොට කොතනද මේක හිරවෙලා තියන්නෙ,
2022 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ ජංගම දුරකථන අංක මාරු කිරීමේ පහසුකම (Mobile number portability) තවදුරටත් ප්‍රමාද වනුයේ මෙරට ජංගම දුරකථන සමාගම් විසින් පිහිටුවා ගත් ‘ලංකා පෝටබිලිටි’ නම් වූ එකතුවට මෙම පහසුකම ක්‍රියාත්මක කිරීමට සුදුසු තාක්ෂණික සේවා ආයතනයක් තෝරා ගැනීමට නොහැකි වී ඇති බැවිනි.
2022 වසරේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) කල ටෙන්ඩර කැදවීම සදහා සේවා සපයන්නන් කිහිපදෙනෙකු මගින් යෝජනා ලැබී තිබූ නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් සහ යෝජනා ඉදිරිපත් කළ සමාගම් පිළිබඳ විශ්වාසයක් නොමැති බව “ලංකා පෝටබිලිටි” විසින් දන්වා තිබීම නිසා නැවත වරක් ටෙන්ඩර් කැඳවීමට තීරණය කර තිබුනි.
මෙරට තුළ ක්‍රියාත්මක විදුලි සංදේශ සමාගම් පහක් ඇති අතර මෙම පහසුකම සදහා අදාල ආයතන අතර මෙහෙයුම් ඒකාබද්ධ කිරීමක් ද කල යුතුව ඇත. නමුත් මේ දක්වා එය සාර්තකව අවසන් කර නොමැති අතර මේ සදහා නිසි බලපෑමක් එකී ආයතන වෙත නොලැබීම මත මෙය තවදුරටත් කල් ගතවෙමින් පවතින බව පෙනී යයි.
2022 වසරේදී, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ශ්‍රී ලංකාව තුළ ඇති ස්ථාවර සේවාවන් ද ඇතුළත්ව Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ක්‍රියාත්මක කිරීමේ රාමුව සකස් කරන ලදී. ඒ අනුව සියලුම විදුලි සංදේශ සමාගම් ඇතුළත් කරමින් ‘ලංකා පෝටබිලිටි’ නම් සමාගමක් ද පිහිටුවන ලද අතර මේ සදහා TRCSL අනුමැතිය 2021 ඔක්තෝම්බර් මාසයේදී ලබා දෙන ලදී.
එවකට මේ සදහා මාස 6 ත් 9 ත් අතර කාලයක් ගතවන බව ඇස්තමේන්තු කර තිබූ නමුත් මේ වන විටදී වසර 2 කටත් අධික කාලයක් ගතවී ඇති නමුත් තවමත් එකී පහසුකම මෙරට දුරකථන ග්රාහකයන්ට ලබාදීමට අදාල ආඅයතන අපොහොසත් වී ඇත. එයට තවත් හේතුවක් වී ඇත්තේ, මේ සම්බන්ධයෙන් මහජන උනන්දුවද හීනවී මෙරට ජනතාව ඉතා ඉක්මනින් පෙරලුන පිට හොදයි කියා පවතින තත්වයට අනුගත වීම නිසාම බව නම පැහැදිලිය.
ඔබට මෙය අවශ්‍යනම් මේ සටහන තවත් පිරිසක් අතර බෙදාහරිමින් මේ සදහා හඩක් නගන්න එක්වන්න.
Average Rating