
වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙකි. නව තනතුරට පත් කෙරෙන විට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කල හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබවනු ලැබීය.
1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ වීරසූරිය මහතා, 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු පත්වී ඇත. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස එක්ව තිබේ.
මෙම රාජකාරි කාලසීමාව තුළ පොලිස්පතිවරුන් දස දෙනකු වෙතින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ලබා ඇති ප්‍රියන්ත වීරසූරිය මහතා යුධ සමයේදී ත්‍රස්තවාදී ප්‍රහාර දෙකකින් ජීවිතය බේරාගත් ක්‍රියාන්විත රාජකාරීයේද සක්‍රීයව යෙදුනු නිළධාරියෙකි.

More Stories
මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.
මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි....
සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා...
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව...
Army HQ bid Farewell to the Outgoing Commander of the Army
A formal farewell ceremony marked the departure of the 24th Commander of the Army, General Vikum Liyanage RWP RSP ndu,...
මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.
පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ...
හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04...
Average Rating