
තලතා සජබ මංත්‍රීකමෙන් ඉවත් වී රනිල් ට සහාය දෙයි. පොහොට්ටුවේ මංත්‍රී සජිත්ට සහාය දෙයි.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තුවේ දී අද (21) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළා ය.
සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් අතුකෝරල මහත්මිය කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට ගත් තීරණයට තමන් විරුද්ධ වූ බවත් ප්‍රේමදාස මහතා දේශපාලනිකව සියදිවි නසාගෙන ඇති බවත් ය.
තලතා අතුකෝරාල මහත්මිය ගේ මෙම ඉල්ලා අස්වීම සමග එකී මන්ත්‍රීධූරය මනාප ඡන්ද ලැයිස්තුවේ මීලඟට සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතාන මහතාට ලැබීමට නියමිතය. ඒ මහතා මේ වනවිට සජබ සමග සංධානගතව සිටින එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප අනුව දෙවැනි ස්ථානය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂයේ අසුන් ගත්තේ ය.
ඔහු සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ආර්ථිකය වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය පළ කරන බවයි.

More Stories
මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.
මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි....
සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා...
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව...
Army HQ bid Farewell to the Outgoing Commander of the Army
A formal farewell ceremony marked the departure of the 24th Commander of the Army, General Vikum Liyanage RWP RSP ndu,...
මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.
පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ...
හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04...
Average Rating