
බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා රටින් පළා යයි.
බංගලාදේශ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැරැල්ල හේතුවෙන් අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පලායයි. හිටපු අගමැතිනිය ඉන්දියාවට ගොස් ඇති බව වාර්තා වන අතර ඉන් අනතුරුව ඇය ලන්ඩනය බලා යනු ඇතැයි අනුමාන කෙරේ.
ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව අද දහවල් වාර්තා විය. ඩකාහි පිහිටි හසීනාගේ නිල නිවසට විශාල ජනකායක් කඩා වැදුණු අතර අගනුවර කොල්ලකෑම් සහ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.
පොලිසිය පැවසුවේ, සීරජ්ගාන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් වෙත පුද්ගලයින් දහස් ගණනක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය. විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
පසුගිය ජූලි මාසයේ ආරම්භ වූ මෙම විරෝධතා ව්‍යාපාරයට මූලිකම හේතුව වූයේ, සිවිල් සේවා රැකියා සඳහා ඇතිකල කෝටා ක්‍රමයයි. එය අහෝසි කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය විරෝධතාව ආරම්භ වුව ද, එය මේ වන විට එය පුළුල් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මෙම විරෝධතාව ආරම්භ වූ දා සිට මේ වන විට මියගිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 300 ඉක්මවයි.

More Stories
One person is dead and several others have been left injured after a Cybertruck exploded
A Tesla Cybertruck exploded outside the Trump International Hotel in Las Vegas, killing one person and injuring seven others, according...
2024 ලෝකයේ වේගවත්ම කාන්තාව ලෙස ජූලියන් ඇල්ෆ්‍රඩ් (Julien Alfred) කිරුළු පළදියි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ නැගෙනහිර කැරිබියන් දූපත් රටක් වන ශාන්ත ලුසියා යනු වර්ග කිලෝමීටර් 617 ක පමණ කුඩා භූමි...
Media organizations urge Israel to open access to Gaza
Colombo, July 11, 2024—More than 60 media and civil society organizations have signed an open letter urging Israel to give journalists independent...
Sri Lanka’s Piyumi Wijesekara among new NASA crew for next simulated Mars journey
Sri Lanka’s Piyumi Wijesekera is among NASA’s four-member new volunteer crew selected to participate in a simulated mission to Mars...
ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගෙන් වැඩිම පිරිස ඇමරිකානුවන්.
ෆෝබීස් සගරාව විසින් එළිදක්වා අති ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ නවතම යාවත්කාලින කිරීම අනුව එහි ඉහලින්ම රැදී ලෝක ධනවතා වීමට ප්‍රංශයේ බර්නාඩ්...
පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි.
සිසුන් 800 ක් සහ කාර්ය මංඩලය 90 ක් සිටින ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 13 ක...
Average Rating