
මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය වෙතින් ජනාධිපති අපේක්ෂකයින් වෙත සංදේශයක්.
මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටත් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහල නැංවීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඒවා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න මෙන් මාධ්‍ය හා සන්නිවේදන වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනය විසින් මෙවර ජනාධිපතිවරණය සදහා තරග කරන සියළුම අපේක්ෂකයින් වෙත විවෘත නිවේදනයක් නිකුත් කර ඇත.
එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය,
(උපුටා ගැනීම)
2024 ජනාධිපති මැතිවරණයේ සියලුම ජනාධිපති අපේක්ෂකයින් වෙත…
යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම සඳහා මාධ්‍යවේදී වෘත්තියභාවය ඇති කිරීම සඳහා වූ දස වැදෑරුම් යෝජනාවලිය …
ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු හතරෙන් එකක් වන ජනමාධ්‍යවේදය, ගෙවී ගිය 75 වසර තුළම මෙරට පාලකයන් පාවිච්චි කරනු ලැබුවේ තම බලය තහවුරු කර ගැනීමේ පාපිස්සක් ලෙසයි. බලය ලැබූ පසු එම පාපිස්ස ඉවත දමා මාධ්‍ය මර්ධනය කිරීමට පටන් ගන්නා ආකාරය අපට දක්නට ලැබුණි. අප රටේ ඇතැම් ජනමාධ්‍යයන් ද, විවිධ ආකාරයට පාලකයන් බලයට පත් කරන්නට අඩු වැඩි වශයෙන් කටයුතු කරමින් ද පක්ෂග්‍රාහීව කටයුතු කරන ආකාරය ද දක්නට ලැබුණි. ඒ අනුවම මාධ්‍යායතන හිමිකරුවන්, මාධ්‍ය සංස්කාරකවරුන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන වෘත්තිකයින් ඇතුළු සියලුම දෙනා, තමන් බලයට පත් කළ පාලකයන්ගෙන්, තම ඕනා එපා කම් ඉටුකර ගැනීමට උත්සාහ දරන ආකාරය ද දක්නට ලැබුණි. එලෙස තම අවශ්‍යතාවයන් ඉටු නොකරන පාලකයන්ට එරෙහිව, මාධ්‍ය හඬ නගමින් විවේචනය කරමින්, විපක්ෂය සමග එකතුව එකී පාලකයන් එළවා දැමීමට පියවර ගන්නා ආකාරය දක්නට ලැබුණි.
මේ ආකාරයට ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී ලෙස හැසිරෙන්නේ, මාධ්‍යවේදීන්ට වෘත්තීයභාවයක්, වෘත්තීය පිළිගැනීමක් හා වෘත්තීය ගරුත්වයක් නොමැති නිසා බව පැහැදිලිය. එසේම බොහොමයක් මාධ්‍යවේදීන්ට මූලික අධ්‍යාපන සුදුසුකම්වත් මාධ්‍ය වෘත්තියට බඳවා ගැනීමේ පරිපාටියක්වත් නොමැති බව දක්නට ලැබේ. එවන් තත්ත්වයක් තුළ මාධ්‍යයෙන් ද යහපත් මාධ්‍ය සංස්කෘතියක් අපේක්ෂා කළ නොහැකිය.
ගෙවී ගිය 75 වසර තුළම, රාජ්‍ය පාලනය කළ, පාලන පක්‍ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල මාධ්‍ය නිදහස තහවුරු කරන බව සඳහන් කර තිබුනද, මාධ්‍ය නිදහස කෙසේ වෙතත් මාධ්‍ය වෘත්තීයභාවයක්වත් ඇති කිරීමට පියවර නොගත් බව පැහැදිලිය.
මෙවන් තත්ත්වයක් තුළ මාධ්‍ය ප්‍රමිතිය පහළ වැටී මාධ්‍ය තව තවත් දූෂිත, සදාචාර විරෝධී ඉසව්වක් වෙත ගමන් කරන ආකාරය දක්නට ලැබුණි .
මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා තිබෙන අප, මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමට නම්, මාධ්‍ය ප්‍රමිතිය ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරන්නෙමු. ඒ සඳහා සියලුම මාධ්‍යවේදීන්ට අධ්‍යාපන සුදුසුකම් ලබාදීම, මාධ්‍ය වෘත්තීයභාවය ඇති කිරීම, මාධ්‍ය ආචාරධර්ම සඳහා යොමු කිරීමත් නොපමාව සිදු කළ යුතු යැයි විස්වාස කරමු. ඒ සඳහා වන වැඩ පිළිවෙලක් මේ වන තෙක් පැවති කිසිදු රජයක් තුළ නොතිබිම කණගාටුවට කරුණකි.
එම නිසා අප සංවිධානය සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් හා පක්ෂවලින් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඇති කරන ක්‍රමවේදයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට ඇතුළත් කරන ලෙස හා එය ප්‍රායෝගිකව ඉටුකරන ලෙසයි.
ඒ පිළිබඳ අපගේ මාධ්‍ය ප්‍රමිතිය සුරකින දස වැදෑරුම් යෝජනාවලිය මේ සමග 2024 ජනාධිපති මැතිවරණයේ සියලුම ජනාධිපති අපේක්ෂකයින් වෙත යොමු කිරීමට අපි අපේක්ෂා කරමු.
1) මාධ්‍යවේදියාට පිරිපුන් වෘත්තිය අධ්‍යාපනයක් ලබාදීමට මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ වරලත් ආයතනයක් බිහි කිරීම හා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම.
2) මාධ්‍යවේදීන්ගේ වෘත්තිය භාවය සහතික කර, ලියාපදිංචිය ලබාදීමට ජාතික වෘත්තිය සුදුසුකම හෙවත් NVQ 1-7 මට්ටම ලබාදීමට පියවර ගැනීම .
3) මාධ්‍ය ආචාරධර්ම ප්‍රායෝගිකව පිළිපැදීම සඳහා සෑම වෘත්තීය මාධ්‍යවේදියෙකුම හෝ සංවිධාන මට්ටමින් හා ආයතන මට්ටමින් ප්‍රායෝගිකව යොමු කිරීම.
4) වෘත්තීය සුදුසුකම් ලත් හැම මාධ්‍යවේදියෙකුටම ලියාපදිංචි අංකයක් සමග QR කෝඩ් එකක් ලබා දීම.
5) වෘත්තීය සුදුසුකම් සහිත ලියාපදිංචි වරලත් මාධ්‍යවේදීන්ට නිසි පත්වීම් ලිපියක් ලබා දීම හා නිසි වැටුපක් ලබා දීම.
6) සෑම මාධ්‍යය ආයතනයක්ම ආචාරධර්මානුකූලව හා ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාම සඳහා මාධ්‍ය ආයතන සදහා ඔම්බුඩ්ස්මන් කෙනෙකු හෙවත් දුක්ගන්නාරාළ කෙනෙක් ආයතන මට්ටමින් පත් කිරීම.
7) මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය නියෝජනය කරන සියලුම මාධ්‍ය ආයතනයන්හි වැරැදි, අනීතික ක්‍රියා, හා අව භාවිතාවීම් වැළැක්වීම මගින් හැසිරීම් නියාමනය කිරීම සඳහා, දැනට පවතින පුවත්පත් මණ්ඩලය, සියලුම මාධ්‍ය අඩංගු වන පරිදි මාධ්‍ය මණ්ඩලයක් ( Media Council ) බවට පත් කිරීම .
8) සෑම ජනමාධ්‍යවේදියකුටම බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගීමට සියලුම පාර්ශ්වයන් සම්මුතියකට පැමිණ පියවර ගැනීම .
9) මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය සඳහා අරමුදලක් ඇති කිරීම හා සෑම මාධ්‍යවේදීයෙකුම රක්ෂණය කිරීමට පියවර ගැනීම.
10) රට පුරා පැවැත්වෙන මාධ්‍ය පාඨමාලා ප්‍රමිතිගත කිරීමට වැඩපිළිවෙළ සකස් කිරීම හා එහි මුඛ්‍ය වගකීම වරලත් මාධ්‍ය ආයතනයට ලබා දීම.
ස්තුතියි, මෙයට, විශ්වාසී,
මාධ්‍ය හා සන්නිවේදන වෘත්තියවේදීන්ගේ වරලත් ආයතනය වෙනුවෙන්
දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ,
සභාපති.
0789666532
ප්‍රසන්න අධිකාරි,
ප්‍රධාන ලේකම්.
0766657276
0714819207
පිටපත්,
සියලුම දේශපාලන පක්ෂ නායකයින් වෙත,
කැබිනට් මණ්ඩලයේ සියලූම අමාත්‍යවරුන් වෙත,
සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් වෙත,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමා ඇතුළු සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත,
සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත,
සියලුම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් වෙත,
(උපුටා ගැනීම අවසන්)
Average Rating