අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට.

Read Time:2 Minute, 17 Second

ඔලිම්පික් උලෙළේ මීටර් 400 තරගයේ මූලික තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහිදී තෙවන ස්ථානය ලබමින් අවසන් පූර්ව වටයට තරග කිරීමට සුදුසුකම් ලබන ලදී. එහිදී අරුණ වාර්තා කල කාලය තත්පර 44:99 ක් වන අතර එය ඔහුගේ හොදම පෞද්ගලික කාලය ලෙසත් සටහන් වෙනවා.

2018 දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියෙන් මීටර 200 , මීටර 400 සහ මීටර 4×400 කියන ඉසවු තුනෙන්ම රන් පදක්කම් දිනා ගත් අරුණ 2018 දීම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙදිත් මීටර 400 සහ මීටර 4×400 කියන ඉසවු ද්විත්වයෙම රන් පදක්කම් දිනා ගන්නව.

ඉන් පසුව, 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි මීටර 400 සහ 4×400 ඉසවු ද්විත්වයෙ රන් පදක්කම් දිනා ගනිමින් සිය දක්ෂතා පෙන්වන අරුණ 2022 ආසියානු ශූරතාවලියෙන් පිරිමි මීටර 4×400 ඉසව්වෙ ලෝකඩ පදක්කමත්, 2023 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියෙන් පිරිමි මීටර 4×400 සහය දිවීමේ ඉසවුවෙන් රන් පදක්කම සහ මිශ්‍ර මීටර 4×400 ඉසවුවෙන් රිදී පදක්කමත් ලබාගන්න සිය දායකත්වය ලබාදෙනවා.

අරුණ මෙවර පැරිස් ඔලිම්පික් තරගයට සහභාගී වන්නෙ මීටර 400 පිරිමි ඉසවුවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 46 වෙනිය විදියට එහෙම ආපූ ඔහු මේ වෙනකොට මේ ඉසව්වේ හොදම 18 දෙනා ඇතුලේ ඉන්නවා.

ජය පරාජය කුමක් උනත් හෙට (06) අරුණ මීටර් 400 අවසන් පූර්ව වටයට තරගයට සහභාගී වන්නේ ලංකාවෙ මිලියන 22 ක ඔලිම්පික් නියෝජනය විදියටම නෙමේ, බිලියන දෙකහමාරක දකුණු ආසියානු නියෝජනය වගේම බිලියන හතර හමාරක් වෙන සමස්ත ආසියාවෙන්ම මේ ඉසව්වේ එකම තරගකරුවා විදියටයි.

ඉතිං රටක් විදියට අපි අරුණට හදවතින්ම සුභපතනවා ඔබේ උපරිම දක්ෂතා දැක්වීමට අවස්ථාව ලැබේවා කියලා…

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *