සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය.

Read Time:5 Minute, 57 Second

ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය මෙරට ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කල බවත් ඒ සදහා අනුමතිය ලද නමුත් මැතිවරණ උණුසුම සමග එවැන්නක් රටට ඉදිරිපත් කිරීම අවස්ථානූකූල නොවන නිසා ඉදිරියේදී පත්වන රජයකින් වඩාත් පුළුල් මහජන කතිකාවතක් සමග එවැනි ක්‍රියාමාර්ගයකට යාමට එකගතාව පලකල බව අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

ජාතික පුනරුත්ථාපන අධිකාරියෙහි විෂය පථය සහ එම අධිකාරිය මඟින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති මෙහෙය සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකලේය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පුනරුත්ථාපන අධිකාරියෙහි විෂය පථය සහ එම අධිකාරිය මඟින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩ සටහන් සහ එහි ගුණාත්මක භාවය ඇගයීම සඳහා හිමි වූ ISO 9001 සම්මානය හිමිවීම සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් පල කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය පශ්චාත් යුධ සමය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ අතර යුධ සමයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වල නිරතවූ සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය දැක්වූ පුද්ගලයන් එයින් මුදාගෙන සමාජයට ගැලපෙන ලෙස පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ වු අතර 2013 පමණ කාලය වන විට එම කාර්ය අවසන් කල බවයි. ඉන් පසුව රටට විශාල බලපෑමක් කල විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඇතුළු විවිධ වැරදි සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ අතර 2023 අංක 01 දරණ පනත මඟින් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පමණක් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ පනත සම්මත කරන ලද බවත් විශාල වශයෙන් විෂ මත් ද්‍රව්‍ය භාවිතය සඳහා තරුණ ප්‍රජාව ඇබ්බැහි වීම දක්නට ලැබුණු අතර තරුණ ප්‍රජාව යහමාර්ගයට ගැනීම සඳහා ජාතික පුනරුත්ථාපන අධිකාරිය විසින් සුවිසල් මෙහෙයක් ඉටු කරනු ලබන බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය දියුණු රටවල තත්වයට ලගාවී ඇති අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක කරන ලද පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසා ජාත්‍යන්තර ප්‍රමිතිකරන ආයතනය මඟින් ලබාදෙන ISO 9001 ප්‍රමිතිකරන සහතිකය පවා ලබාගැනීමට ජාතික පුනරුත්ථාපන අධිකාරියට හැකිවුන බවත් මෙම ප්‍රමිතිකරණයන් මුදල් වලට හෝ දේශපාලන හිතවත්කම් වලට ලබාගත නොහැකි බවත්ය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ, “රටේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා මහජනතාව දේශපාලඥයා කෙරෙහි සැකයෙන් යුතුව බලන්න පුරුදු වෙලා ඉන්නවා එහෙම බලන එකත් සාධාරණයි මොකද එහෙම බලන එකෙන් දේශපාලඥයාගේ වැරදි උනත් හොඳට පේනවා. මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරල තියනවා ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රියාත්මක වන සෙනට් මණ්ඩල ක්‍රමය අපේ රටටත් හදුන්වා දෙන්න. නමුත් මේ අවස්ථාවේ එවැනි කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට යාම ජනතාව තුල වැරදි ආකල්පයක් ඇතිවීමට හැකි නිසා ඉදිරියේදී පත්වන රජයකින් මේ සම්බන්ධව වඩා විධිමත් ලෙස විමසීමක් කර එය ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් ගත්තා, එතකොට පාර්ලිමේන්තුවට උඩින් තවත් ආයතනයක් ක්‍රියාත්මක වෙනවා සෙනට් මණ්ඩලය සඳහා තොරාපත්කර ගන්නේ උගත් බුද්ධිමතුන්ගෙන් යුත් පිරිසක්, පාර්ලිමේන්තුවට නොපෙනෙන දුරක් එම සෙනට් මණ්ඩලයට දකින්න පුළුවන් එහිදී ජනතාවට අවශ්‍ය නිවැරදි පිරිසිදු තීන්දු තීරණ ගන්නට හැකිවේවි කියා බලාපොරොත්තු විය හැකියි යනුවෙනි.

ජාතික පුනරුත්ථාපන අධිකාරිය වෙනුවෙන් පිරිනමන ලද ISO 9001 ප්‍රමිතිකරන සහතිකය ගරු අමාත්‍යවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදුකල අතර ජාතික පුනරුත්ථාපන අධිකාරියේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාද මෙහිදී අදහස් පලකලේය. අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක හර්ෂ බී අබේකෝන් මහතා, ජාතික පුනරුත්ථාපන අධිකාරියේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *