
අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී.
අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ.
අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සුරේන්ද්‍ර වසන්ත සහභාගී වූ අවස්ථාවේදී සුදු පැහැති මෝටර් කාර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිව ඇත.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා සහ මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ ද තුවාල ලබා ඇති අතර රෝහල් ගතකල පිරිසෙන් එක් අයෙකු ද මේ වනවිට මියගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කලේ, අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳගේ බෑගයේ තිබී රිවෝල්වරයක් ද හමුවී තිබෙන බවයි.
එය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය බලපත්‍ර සහිත රිවොල්වරයක්ද නැද්ද? යන්න සම්බන්ධයෙනුත් පරීක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මෙම වෙඩිතැබීමේ සිද්ධිය විදේශයක සිට සැලසුම් කළ එකක් බවට සැක පළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කල අතර දෙපාර්ශවයක් අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවට අනාවරණ වී ඇති කරුණු ඔස්සේ මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරන ලදී.
කෙසේ වෙතත් නිශ්චිතවම කරුණු කිසිවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, සිද්ධිය සැළ වු වහාම සැකකරුවන් රටින් පළා නොයාමටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා එහිදී කියා සිටියා.


More Stories
මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.
මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි....
සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා...
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව...
Army HQ bid Farewell to the Outgoing Commander of the Army
A formal farewell ceremony marked the departure of the 24th Commander of the Army, General Vikum Liyanage RWP RSP ndu,...
මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.
පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ...
හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04...
Average Rating