මොරටු සරසවියේ BIT බාහිර උපාධි පාඨමාලාවේ විභාග ගැටළුවක්.

Read Time:3 Minute, 58 Second

මොරටුව සරසවියේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාව හදාරණ 2023 කණ්ඩායමේ සිසුන්ට මෙවර පැවති විභාගයේ දී සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් වාර්තාවී ඇත.

වාර්තාවන අන්දමට මෙකී 2023 කණ්ඩායමට අයත් සිසුන්ට සිය දෙවන වසරේ පළමු අධ්‍යයන වාරයට අදාලව පවත්වන අවසන් විභාගයට සුදුසුකම් ලැබීමට නම් අදාල පැවරුම් සහ අධ්‍යයන වාරය අතර මැද දී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය යන දෙකෙන්ම ප්‍රමාණවත් ලකුණු ලබාගත යුතු බව සදහන් වේ. (එනමුත් ගත යුතු ලකුණු ප්‍රමාණය පැහදිලිව සදහන් කර නැත)

මෙම පළමු අධ්‍යයන වාරයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය මැයි මස 18 හා 19 දෙදින විශ්ව විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබුන ද එකී කාල සීමාවේ පැවති අනධ්‍යයන කාර්ය මංඩලයේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් එය වරින් වර කල් ගොස් අවසානයේ ජුනි මස 01 හා 02 දෙදින එකී පරීක්ෂණය පවත්වන ලදී. ඒ මාර්ගගත ක්‍රමයට සිසුන් නිවෙස්වලම සිටියදී යි.
එහිදී, වෙබ් වැඩසටහන්කරණය (Web Programming) විෂයය ට අදාල පරීක්ෂණය ජුනි 01 දාත් පරිගණක ජාල සහ මෙහෙයුම් පද්ධති (Computer Network and Operating System) විෂයය ට අදාල පරීක්ෂණය ජුනි 02 දාත් පවත්වා පැවති අයහපත් කාලගුණික තත්වය මත අනිකුත් විෂයයන් ජුනි 15 දක්වා කල් දමන ලදී.

වාර්තාවන අන්දමට අදාල ප්‍රශ්ණගත විභාගය පවත්වා ඇත්තේ පසුගිය ජුනි 15 දිනයි. එහිදී සිදුව ඇති තත්වය ගැන අදහස් පල කල සිසුවෙකු, “අපට විෂයය ඉගැන්වූයේ ජාවා (JAVA) පරිගණක භාෂාව භාවිතයෙන් නමුත් ප්‍රායෝගික පරීක්ෂණය කලේ අපට උගන්වනු නොලබූ සහ අප භාවිතා නොකල පයිතන් (Python) පරිගණක භාෂාව භාවිතයෙන්” “මේ තත්වය ගැන අප විසින් අදාල බළධාරීන්ගෙන් විමසූවිටදී මෙය දත්ත ව්‍යූහය සහ ඇල්ගොරිතම (data structure and algorithms) සම්බන්ධයෙන් වන නිසා විෂයය දැනුම තිබේනම් ගැටළුවක් නොවන බව සදහන් කරනු ලැබූවා” යනුවෙන් පැවසීය.

කෙසේ වෙතත් එකී විභාගයට අදාලව නිකුත් කල ප්‍රථිපල ගැන බැලීමේදී ඒ සම්බන්ධයෙන් පැවති බරපතල ගැටළුව මනාව වටහාගත හැකි බව සිසුන් සදහන් කරයි. ඒ අනුව එකී විභාගයේ ප්‍රථිපල සාරාංශය පහත පරිදි වේ.

එකී ප්‍රථිපල අනුව පෙනීයන්නේ, විභාගයේ ගැටළුකාරී තත්වයක් ඇති බව කලින්ම සදහන් කල දත්ත ව්‍යූහය සහ ඇල්ගොරිතම (data structure and algorithms) විෂයයේ පරිගණක භාෂාව වෙනස් වීම නිසාම එකී විෂයයේ ප්‍රථිපල පහත ගොස් ඇති බවකි. මේ තත්වය පාඨමාලාවේ සිසුන් විසින් අදාල බලධාරීන්ට පෙන්වාදෙනු ලැබූවත් ඒ තත්වය නිවරදි කිරීමකින් තොරව ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමේ න්‍යාය සදහා පසුගිය 5 දින නව පැවරුමක් ඉදිරිපත් කර ඇත.

මෙම තත්වය නිසා තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාව හදාරණ සිසුන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවන බැවින් උක්ත විභාගයේ දත්ත ව්‍යූහය සහ ඇල්ගොරිතම (data structure and algorithms) විෂයය සදහා විධිමත් හා සාධාරණ පරීක්ෂණයක් සිදුකල යුතුබව අදාල සිසුන්ගේ අදහසයි.

Happy
Happy
0 %
Sad
Sad
100 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *