ගුරු සේවයට පත්වීම් 2159 ක්. පත්වීම් ප්‍රධානයේදී ජනපතිගෙන් ගුරුවරුන්ට රතු එළියක්

Read Time:5 Minute, 13 Second

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, උපාධිධාරී ගුරුවරුන් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159 ක් සදහා අදාල පත්වීම් ලිපි ලබා දීම ඊයේ පෙරවරුවේ (03) අරලියගහ මන්දීරයේදී සිදුකෙරුණි.

මෙහිදී උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159 ක් සඳහා ගුරු පත්වීම් ලබා දුන් අතර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 වන ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු හැටක් සඳහා ද පත්වීම් ලබා දෙන ලදී. පත්වීම්ලාභීන් දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින ගුරු පුරප්පාඩු සදහා අනුයුක්ත කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පත්වීම් ලබාදීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව සදහන් කරන ලදී.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපති,
“විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්‍යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන… පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022 කාලයේදී දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්‍රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා. සමහර වෘත්තීය සමිති තව වැඩිපුර දෙන්න කියලා ඉල්ලනවා. අපි දෙපාරක් පඩිවැඩිවීම් දීලත් එදා වැඩවර්ජනයක් තිබ්බා. ඒ වර්ජනේ කලේ කොළඹ දුම්රිය ස්ථානය ලගට ඇවිල්ලා. ඔතන තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඇවිල්ලා අනිත් අය ඇවිල්ලා කෑ ගහලා, පොලිස් බැරියර් හොල්ලලා, කදුළු ගෑස් ගහලා යන තැන. ඒත් ගුරු වෘත්තියේ අය ඕක කරන්න උවමනා ද, අපි කිව්වා ඕක කරන්න එපා කියලා. ඒත් එතනට ආවා ජනාධිපති කාර්යාලය ලගට ආවා, අපි කදුළු ගෑස් ගහලා නතර කලා. සාමාන්‍යයෙන් අනික් වෘත්තීය සමිති ඔයවගේ උනාම ඊළග දවසේ වැඩට යනවා. මෙතන මොකද උනේ, ඊළඟ දවසේ කාටවත් කියන්නේ නැතුව නැවැත්තුවා. දෙපාරක් දවස් කැඩුවා. කාටද මේ හානිය වුණේ. මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. විශේෂයෙන්ම රජයේ පාසල්වල ඉන්න සිංහල මාධ්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. මට යාපනේ මන්ත්‍රීවරයෙක් කිව්වා අපි ඉඩදුන්නේ නැහැ මෙහෙම වැඩවර්ජනය කරන්න. ඔක්කොම ආවා. ඔක්කොම පාසල් ගෙනිච්චා. මුස්ලිම් පාසල් ගණනාවකුත් ගෙනිච්චා. අපේ ගෙදර ළඟ තියෙනවා ලේඩිස් කොලේජ් එක, ඒ වගේම අනෙක් පුද්ගලික පාසල් සියල්ලම ගෙනිච්චා. මොකක්ද මේ මිනිස්සු කළේ ? මේ නායකයෝ කළේ සිංහල මාධ්‍යයේ පාසල් ඔක්කොම නැවැත්තුවා. මගෙන් ශිෂ්‍ය නායකයින් කිහිපදෙනෙක් ඇහුවා ජනාධිපතිතුමනි, අපි ගිහින් උගන්වන්න ද මේ අයට කොහොම ද මේ අය විනය තියාගන්නේ කියලා. ඒ මට්ටමට අද ගුරුවරු වැටිලා තියෙන්නේ. සමහර පාසල්වල ගුරුවරුන්ට තර්ජනය කළා එන්න එපා කියලා. මෙහෙම සෙල්ලම් කරන්න ඉඩදෙන්න හොඳ නෑ. මම නීතිපතිතුමා එක්ක සාකච්ඡා කළා මට දෙන්න කිව්වා ඒ ගැන යෝජනාවක් උදේ 7.30 ඉදලා දවල් 1.30 ට සෘජුව හෝ වක්‍රව කිසිකෙනෙක්ට පංති කඩාකප්පල් කරන්න බැහැ. පාසල වහලා හෝ වර්ජනය කරලා හෝ වෙනත් විදියකට. ඒ පියවර අපිට ගන්න සිද්ධ වෙනවා අනාගත පරපුර වෙනුවෙන්. මින් පස්සේ නම් මා එක්ක තරහා වෙන්නේ එපා මට සිදුවෙයි මීට වඩා තදින් ක්‍රියාකරන්න. මම එදා මල්වත්ත ස්වාමින් වහන්සේ එක්ක කිව්වා හදිසි නීතිය දාලා පාසල් ගෙනියන්න අපි ලෑස්තියි කියලා.” යනුවෙන් ද පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත, රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *