පොස්ටිනෝර් ඉල්ලන්න ඔබ ලැජ්ජා ද…….?

Read Time:4 Minute, 34 Second

අද කාලෙ හුඟක් කාන්තාවො සනීපාරක්ෂක තුවා ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. ඒත් ෆාමසියකින් උපත් පාලන පෙත්තක් නොපැකිලව ඉල්ලන්න පුලුවන් ද? විශේෂයෙන් ප්‍රොස්ටිනෝ 2 වගේ පෙත්තක් කොහෙත්ම අමාරුයි.
ඕක පොඩ්ඩක් සෙනග එහා මෙහා වෙනකම් ඉඳලා ෆාමසියෙ කෙනාගෙන් ඇහෙන නෑහෙන ගානට ප්‍රොස්ටිනෝ 2 තියනවද කියලා ඇහුවොත් ආහ් නංගි දඩාවතේ ගිහිල්ලා වගේ බැල්මක් දාලා තමයි ඒ පෙත්ත අතට දෙන්නෙ.

ගබ්සාවකට නොයා පෙත්තක් බීලා හරි ඒක වළක්වා ගන්න එක වැදගත් කියලා එයාට අමතක වෙනවා ඇති.
උපත් පාලන ක්‍රම සහ ඒ සම්බන්ධ දේවල් ගැන තාමත් විවෘත කතා බහක් නෑ. කොන්ඩම් මැෂින් එක හයි කරපු දවස් වල ඒක පොඩ්ඩක් කතා බහට ලක් වුනත් තාමත් කොන්ඩම් එකක් ඉල්ලන කොල්ලවයි ප්‍රොස්ටිනෝ වගේ ටැබ්ලට් එකක් ඉල්ලන කෙල්ලවයි නිකන් නොසන්ඩාල වැඩ කරන්න යනවා වගේ බලන එකේ වෙනසක් වෙලා නෑ.
පහුගිය කාලෙ ඇති වුනු සනීපාරක්ෂක තුවා ගැන කතා බහ හොඳයි. ඒත් මට කවදාවත් හම්බ වෙලා නෑ සනීපාරක්ෂක තුවායකට හරි නැප්කින් එකකට හරි පැණි අමුඩෙ කියන පිරිමියෙක්. ඒ වෙනුවට මගේ තාත්තගේ ඉඳන් හොඳම යාලුවො වෙනකන් ඉන්න පිරිමි ඒ ශාරීරික තත්ත්වය දරා ගන්න උදව් දෙන අය. එ කියන්නෙ ඒ දවස් වලට ඇතිවෙන නොරිස්සුම, වේදනාකාරී බව අඳුන ගෙන ඒවා දරා ගෙන ඉන්න අය. ඉස්සර මට යුනිෆෝම් එකේ ළමා සාරියෙ ලේ පැල්ලමක් නැතුව ඒ දවස් හංඟ ගන්න බැරි වුන ළමයෙක්. අදටත් මට පීරියඩ්ස් අනේ කියනවා මිසක් මම ඇඹරෙන්නෙ නෑ මට අසනීපයි කියලා. මාසික ඔසප් වීම කියන්නෙත් ඉතාම සාමාන්‍ය සිද්දියක් විතරයි. ගමේ කඩේට ගිහින් ඊවා එකක් දෙන්න,විස්පර් එකක් දෙන්න කිවුවම කඩේ මුදලාලි මිසක් මම ඇඹරිලා නෑ. ඇඹරෙන්නෙත් නෑ. ඒ මොකද මම ඉල්ලන්නෙ හොර බඩුවක් නෙමෙයි නිසා.
මේ හැම දේම මිනිස් අවශ්‍යතා සඳහා නිර්මාණය කරපු දේවල්. මේවායේ ගුණාත්මකභාවය ගැන පවා හුඟක් කාන්තාවො දැනුවත් නෑ. හේතුව ඒ ගැන කතා කරන්න සමාජයේ ඉඩක් නැති එක. පෑඩ්ස් වෙනුවට යොදා ගන්න පුලුවන් වෙන විකල්ප මොනවද මේවා ගැන පාසල් මට්ටමින් හරි කතා කරන්න ඕනෙ.

ෆාමසියකින් සනීපාරක්ෂක තුවා ගන්නවා වගේ ප්‍රොස්ටිනෝ පෙත්තක් කොන්ඩම් එකක් ගන්න පුලුවන් දවසක් කවදා එයිද? උපත් පාලනය ගැන මේ සමාජයේ තියන සමහර ආකල්පම ගබ්සාවල් කීයකට මග පාදනවා ඇත් ද?
මේවා කතා බහට ගන්නෙ නැති මාතෘකා නිසා හුඟක් අය මිත්‍යා මත වල එල්බ ගෙන ඉන්නවා. සමහර විවාහක කාන්තාවො පවා ඉන්නවා තාම හරි හැටි උපත් පාලනය ගැන දැනුමක් නැති. ඔවුන් එහෙම දැනන් ඉන්නවා නම් තමන්ට ඕනෑ නැති දරු බරක් ඔවුන්ට දරන්න වෙන එකක් නෑ. ඒ වගෙම පැය 72ක් ඇතුළත තමන්ට ගැබ් ගැනීමක් වෙන්න පුලුවන් වීම වළක්ව ගන්න ඉඩ තියනවා කියලා නොදැන අඬන ගෑනු අය ඉන්නවා. මේවා මොකට හංඟනවද ? මිනිසා ලිංගික සතුට වෙනුවෙන් අනාගතය අවහිර නොකර ගන්න නම් මේවා ගැන දැනුවත් වීම අනිවාර්ය යි.
ඒ වගේම පොස්ටිනෝ නිතර බොන්න හොද නෑ.. බිව්වට පස්සේ පොඩි ලේ පිටවීමක් වෙන්න පුළුවන් ඒක සාමාන්‍යයි.. ඒ වගේ ලොකු අමාරුවක් ආවොත් වෛද්‍ය උපදෙස් ගන්න..
ෆාමසිවල ඉන්න අයත්.. මේවා මැජික් වගේ බලන්න එපා.. ඒක ඔලුවට දාගන්න..
ඒ වගේම මේ පෝස්ට් share කරන්න අමතක කරන්න එපා.. ඔබ බය නනැත්තං හොද කෂේරුවක් තියනවා නම් අනිත් අයව දැනුවත් කරන්න.. කාට හරි ප්‍රයෝජනවත් වෙයි..

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *