
පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වයි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (27) කැදවනු ලැබූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලදී.
මෙහිදී යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව, ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.
එම්. බී. වී. රැළපනාව මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, යම් පුද්ගලයෙක් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට පෙර එම පැමිණිල්ල සිදුකළේ කවුරුන්ද? එම පැමිණිල්ලේ අන්තර්ගතය කුමක්ද? යන තොරතුරු දැනගැනීමට හිමිකමක් තිබෙන බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යම් පුද්ගලයකු පොලීසිය වෙත කැඳවනු ලබන අවස්ථාවේදී එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කව්ද? සහ එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව ප්‍රකාශය ලබා ගැනීමට නියමිත පුද්ගලයාට දැනුවත් කිරීමට අදාළව චක්‍රලේඛකයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.
එමෙන්ම, එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා, පොලිස්පතිවරයා විසින් කෙටුම්පත් කරනු ලබන චක්‍රලේඛයේ පිටපත අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීමට පියවර ගන්නා බව අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව, අදාළ චක්‍රලේඛයේ පිටපතක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වග උත්තරකාර පාර්ශවයට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම මැයි මස 09 දින කැඳවීමට නියම කළේය.

More Stories
මාර්ග අනතුරු වලක්වා ගනීම සහ ආරක්ෂාව ගැන විද්වත් කතිකාවක්.
මෙරට තුල සීග්‍රයෙන් ඉහල යන රථවාහන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් අද (31) කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවත්වුනි....
සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට ජපානයේ රැකියා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය සහ ග්‍රමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය විසින් සමෘද්ධි හා...
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේට මාරුවක්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.අධිකරණ සේවා කොමිසම විසින් මෙම මාරුව...
Army HQ bid Farewell to the Outgoing Commander of the Army
A formal farewell ceremony marked the departure of the 24th Commander of the Army, General Vikum Liyanage RWP RSP ndu,...
මත්පැන් ගන්න හොර නෝට්ටුවක් දුන් අයෙක් පොලිස් දැලේ.
පාදුක්ක නගරයේ මත්පැන් අලෙවි සලකට පැමිණි අයෙකු මත්පැන් මිලදී ගැනීම සදහා ලබාදුන් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ගැන සැක සිතූ...
හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04...
Average Rating